ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය.
ධම්මානුස්සතිය – 5. ධර්ම රත්නයේ තවත් උතුම් ලක්‍ෂණයක් තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යැයි කියන කාරණය. තමා තුළින් දැරීමට සුදුසු, නුසුදුසු දේවල් තිබෙනවා. මිථ්‍යා දෘෂ්ටිය තමා තුළින් දැරුවොත්, සැපයට හේතුවෙන සම්මා දිට්‌ඨිය අහිමි වෙනවා. දුශ්ශීලභාවය ඔබ දැරුවොත්, සැපයට හේතු වන සිල්වත්භාවය ඔබට අහිමි වෙනවා. ලෝභකම ඔබ දැරුවොත් සැපයට හේතුවන…