වේදනානුපස්සනාව – 03.
පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොට ගන්නවාද….? කාර්යබහුල ජීවිතයේදී ඔබ ‘කාලය’ නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොට ගන්නවාද..? මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක් නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක් පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්,…