ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම.

මෙම විදර්ශනාමය ධර්ම දානයේ කුසල් ශක්තියෙන් රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුල අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා…

Read More

ආමිසයට ප්‍රිය කරන්නේ ඇයි?

මේ දවස්වල කැලේ ගස්වල දැළඹු වසංගතයක් පැතිරිලා. දස දහස් ගණන් දැළඹුවෝ ගස්වල කොළ කන්නේ තරඟයට වගේ. වඳුරන්, රිළවුන් වේගයෙන් ගස්වල අතු මතට පනිද්දි, වැලි මළුව පුරාවටත් දැළඹුවන් වැටෙනවා. මේ දවස්වල භික්ෂුවට, අමතර රාජකාරියක් පැවරිලා තිබෙන්නේ. ඒ තමයි නිරතුරුවම කුටියට ඇදෙන, බිත්තිවල නගින, දැළඹුවන් ඉවත්කිරීම. අගෝස්තු මාසේ කිට්ටුවෙන කොට, කැලෑ පරිසරයේ දැළඹු ගහනය කොහොමත් වැඩිවෙනවා. මේ…

Read More

අවුරුදු 120ක් වැඩසිටීමට හැකියාව තිබූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිණිවන් පෑවේ ඇයි?

පිංවත් ඔබ භික්‍ෂුවගෙන් ප්‍රශ්ණයක්‌ විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක්‌ නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්‌කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ…

Read More

අභියෝගය අවබෝධයක් කරගන්න.

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය. සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර…

Read More

අපි යන්නේ මොන පාරේ.

සම්මා සම්බුද්ධ ශාසනය තුළ පැවිදි වන සැවොම පැවිද්ද ලබන්නේ මේ ජීවිතය තුළම නිවන් අවබෝධ කරගැනීමේ අරමුණින් ම නොවේ. එසේ වුව ද පැවිදි භාවයට පත්වන සැවොම මෙලොවදි ලොවිතුරා බුදුරජාණන් වහන්සේ නිසා සැනසෙනවා. ලෝකයාගේ ලෞකික, අධ්‍යාත්ම්ක දියුණුව උදෙසා ක්‍රියාකර තමනුත් සතුටුව අනුනුත් සතුටු කිරීම හොඳ දෙයක්. එහි වරදක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය…

Read More

අප්‍රමාදීභාවයෙන් අප්‍රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කිරීම.

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම්…

Read More

අන්තිමයා වීම අගනේය.

මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්‌ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින්…

Read More

අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

Read More

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි.

මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්‌ද. එක වගේම අකුරු දෙකයි. මේ පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක්‌ ගොන්නක්‌ උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්‍ෂ වුවහොත් තව කොතෙක්‌ නම් දුක්‌ මතුවට ඔබට උරුමකොට දේවිද? මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් මේ පැමිණි දුර කොපමණක්‌ද? මම කියන බීජයෙන් ලැබුණු අස්‌වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි,…

Read More