අනුත්තර පින් කෙතේ වපුරා ලැබූ රන් අස්වනු මෙසේ වෙයි.

සංඝානුස්සතිය – 11. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ ම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්ෂු, භික්ෂුණී කියන කණ් ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ් ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමු කරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක් ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව්…

Read More

අනාත්ම ධර්මතාවයක් බව.

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්‌කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌…

Read More

අතීතයේ ඔබේ ඇසෙන් බුදුරජාණන් වහන්සේලා කොතෙක්‌ නම් දකින්නට ඇතිද?

පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න. පිංවත් ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවෙන්නා වූ සෑම බාහිර රූපයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාවට ලක්‌කරන්න. පිංවත් ඔබ සක්‌විති රජවෙලා, ඉපදුණු වේලාවේ මොන තරම් බාහිර රූපයන් මගේකොටගෙන ජීවත්වන්න ඇතිද? සක්‌විති…

Read More

අතීතය සිහිනයක්‌ පමණයි වත්මනද ඒ වගේමයි.

වේදනාව. වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා සහගත විඳීමක්‌ම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ සකස්‌වෙන සෑම විඳීමක්‌ම අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්‌වෙන සෑම…

Read More

“සබ්බ පාපස්ස අකරණං” ගාථාවේ බලය.

ප්‍රශ්නය : ගෞරවණීය ස්වාමීන් වහන්ස, “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං” සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටිවුණු මේ ගාථාවේ තිබෙන බලය කුමක් ද..? මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැබ්වුණු ශක්තිය ලැබෙනවා ද..? පිළිතුර : එහෙයි… ලැබෙනවා… දැන් බුදුරජාණන් වහන්සේ “සබ්බ පාපස්ස අකරණං” කියන්නේ, සියලු පාපයන්ගෙන් මිදෙන්න; “කුසලස්ස…

Read More

“දානය වැරදිලාවත් අපේ ගෙදරට ආවොත් බල්ලා ලිහනවා…”

තවත් වරක් භික්ෂුව ගම්මානයක ජීවත්වෙනකොට එම ගමේ අතීතයේ සිට සකස්කොට තිබු දානය ලබාගැනීමේ ක්‍රමයේදී ගමේ හැමෝටම දානය දීමේ අවස්ථාව ලැබී තිබුණේ නැහැ. එම නිසාම දානය නොමැති පිංවතුන්ලා අමනාපයෙන් සිටියේ. ගම්වල පැවතෙන සම්ප්‍රදාය වෙනස් කරන්න අපි යන්නේ නැහැ. තිබෙන ක්‍රමය තුළ හැකිනම් ගමේ ඉන්නවා. එම ක්‍රමය ගැටළු සහගත නම් ගමෙන් පිටවී යනවා. දවසන් එම ගමේ පිණ්ඩපාතයේ…

Read More

” මම නැවතුනා. ඔබ නවතින්න.”

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකරල පණ අදිමින්,…

Read More

භව ගින්දර නිවාගන්න…

බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි…

Read More

ඔබ තුළ ඇතිවුණ ඉහත ධර්මතාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්තබොජ්ඣංගයට වඩා…

Read More

හැංගි හැංගි වෙස් බැන්ඳත්…

භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ…

Read More