නික්‌ලේශී මහා සංඝරත්නය.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි නොකියන, ගැලී නොසිටින එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේදිය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත්…

Read More

ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත.

ධම්මානුස්සතිය – 3. පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක්‌ පැමිණෙනවා, තමා නිදහස්‌ වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන් නිදහස්‌ වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්‌ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්‌කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි…

Read More

ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්.

සංඝානුස්සතිය – 9. දුක නිමා කරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග යේ සෘජුව ම ගමන් කරන නිසාම සංඝරත්නය ‘උජුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ඨීන් හැට දෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැට දෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත‍්‍රයා, ධර්මරත්නය නමැති කල්‍යාණ මිත‍්‍රයා විසින් පෙන්වා වදාළ එම…

Read More

ධර්මය කියන්නේ අනිත්‍යයි.

භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ…

Read More

ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…

ධම්මානුස්සතිය – 6. පිංවත් ඔබට යම් දවසක්‌ එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් එකක්‌ කොට දකිනවා. යම් දවසක්‌ ඔබට එනවා, පටිච්ඡසමුප්පාද ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවන. එදාට ඔබ දකිනවා, පටිච්ඡසමුප්පාද ධර්මයත්, ඔබට දෙකක්‌ නොව, එකක්‌ය කියන කාරණය. ඔබට යම් දවසක්‌ එනවා සතර සතිපට්‌ඨාන…

Read More

දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්‌. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්‌…

Read More

දානයන් අතරින් ශ්‍රේෂ්ඨතම දානය…

“බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට. සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේ‍රෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා. බණත් ඇහුවා. ඒ නිසා…

Read More

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ධර්ම මාර්ගය කෙරෙහි වීර්යය මෝදු කොටගන්න.

ඒ අයෝමය චරිතය පුරා බලනකොට කල්ප ගණනාවක් පිරූ පාරමීධර්මයන්ගේ ඵලය ප්‍රඥාව හැටියට ජිවිතයට එකතුකොටගත් ආදර්ශයමයි අපිට වැදගත් වෙන්නේ. මේ පාරමී ශක්තියේ ඵලය තුළින් තමයි මහාසීහනාද සුත්‍රයේ දේශනාකරන බුදුරජාණන්වහන්සේ ලෝකයාට සිංහනාද කරන තථාගත බලයන් සකස්වෙන්නේ. බුදුරජාණන්වහන්සේ සතුවු උතුම් ඤාණයන් ගැන නුවණින් මෙනෙහි කරන්න. සත්වයාගේ අතීත අනාගත වර්තමාන කර්මයන් දැකීමේ ඥානය, සත්වයාගේ පෙර ජිවිතය දැකීමේ පුර්වේනිවාසානුස්සති ඥානය,…

Read More

ජිවිතය කියන්නේ හරිම පරස්පරයක්.

අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක්‌ නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක්‌ ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්‍ර වෙලා. තව තවත් කෙළෙස්‌වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත…

Read More

ගුරුකමේ රඟ.

කලෙක භික්‍ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක්‌ ඈතින් වැසි වනාන්තර ලක්‍ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක්‌ වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්‌ථානයක්‌. ඉහත කාලය තුළ එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ සති දෙකක්‌ පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්‌වාමීන් වහන්සේ අපවත්වීම නිසයි…

Read More