ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ…

Read More

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්‌වභාව ධර්මය බුද්ධාගමයි.

තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට…

Read More

ලෝකයා නොදත් ලොව, ලොවට රහසේ දකියි භික්ෂුව.

සංඝානුස්සතිය – 5. හතර වැනි ධ්‍යාන ඵලය ඔස් සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට සිත පත්කර ගත් යම් භික්ෂුවක් ආකාශය…….ආකාශය…. වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක් , වලාකුළක් අරමුණු කොට, ආකාශය තුළ ම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක් ජීවිතයේ නොලත් අත්දැකීමක් පසු පසයි භික්ෂුව හඹා යන්නේ. අරමුණ…

Read More

ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය.

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද? සාරිපුත්ත මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට…

Read More

රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳදමන්න.

තවත් සුන්දර වස්සානයක් උදාවෙලා මේ ගෙවී යන්නේ හතරවැනි සතිය. භික්ෂුව වැඩසිටින ප‍්‍රදේශයට මේ දවස්වල වැස්ස නැති වුණත්, සුළඟ නම් හරිම සැරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ සමතුලිතභාවය, පිංවත් මනුෂ්‍යයා විසින්ම පාරිසරික විනාශයන් තුළින් බිඳ දමනකොට, සතර මහා ධාතුව වෙන් වෙන්ව කිපීම්වලට ලක්වෙනවා. පරිසරයේ හමායන මේ අකීකරු සුළඟ, අපේම තෘෂ්ණාවෙන් සකස් වුණ ඵලයක්. ලොව්තුරා…

Read More

රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ තැන, විඥ්ඥානයේ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා යනවා.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

යොදුන් 168,000ක්‌ විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්‌මයි.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

මෛත්‍රිය දෘෂ්ටිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?’ කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර…

Read More

මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත.

මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ අම්මා, ළමා කාලයේදී මට කියලා දුන්නා, මේ ලෝකයේ උතුම්ම රට ශ‍්‍රී ලංකාවයි කියලා. එදා අද වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, උතුම් අධිගමයන්, ගැන සමාජයේ කතාබහ වුණේ නැහැ. ඒ නිසාමදෝ මගේ අම්මා, ශී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම රට වෙන්නේ, ඇයි කියලා මට පැහැදිලි කොට කිව්වේ නැහැ….

Read More

මාරයාගේ ස්වයං වර්ණනාවට හෝ ස්වයං විවේචනයට නොරැවටෙන්න.

පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් ලිපියෙන් අවසන් වන අතර මෙතැන් පටන් කොටස් කිහිපයකින් යුක්තව පළ කෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි. පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද..?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ…

Read More