ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය.
බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට. පින්වතුන්…