බිනර පුර පසළොස්වක පොහොය දිනය.
වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි. බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ…