“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන්/ආලෝකය දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ.
සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ආලෝක පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.
උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හොද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු
වීම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට
හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත
විජානන, පුබ්බේ නිවාසානුස්සති
ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම.
තෙරුවන් සරණයි !!!
(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ).