මනුෂ්‍ය ආදරය දිව්‍ය ආදරයක් බවට පත්වීම.

පිංවත, අවිද්‍යාව යම් තැනක ද, එතැන කුසලය සහ අකුසලය යන කාරණා දෙකම තිබෙනවා. ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම් ද සම සිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වල වන සමාජයක ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට අපි පත්වෙන්න දක්ෂ වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි වී, අවිද්‍යාව බලවත් වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල…

Read More

අශ්‍රද්ධාවේ අකීකරුකමට, හොදම ඔසුව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයී.

සාරිපුත්ත මහරහතන්වහන්සේගේ ගිහි කාලයේ නම උපතිස්ස. මේ පින්වත් උපතිස්ස තරුණයා, අස්සජි මහරහතන්වහන්සේගෙන් උතුම් සද්ධර්මය ශ‍්‍රවණය කරලා තෙරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවට පැමිණෙනවා. ධර්මයේ ඇස මතුකොටගන්න පින්වත් උපතිස්ස තරුණයා, තමන් සමග එකම ගුරු නිවසේ ශිල්ප හදාරමින් සිටි යහ`ඵවන් සිය`ඵ දෙනාමත් එකතුකරගෙන බුදුරජාණන්වහන්සේ බැහැදකින්න යන්න සැරසෙන මොහොතේ, පින්වත් උපතිස්ස තරුණයාට සිතෙනවා, ගුරු ගෙදර තමන්ගේ ගුරුවරයා වන සංජය නැමති…

Read More

ආදරණීය බරපොදිය බිම තබන්න.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

තිරිසන් අපාය.

අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට…

Read More

ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයන්න.

බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිෂ්ඨිකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන්…

Read More

කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…

Read More

සිදුහත් තවුසාත් සුබ දිශාව බැලුවාද?

මෙහෙමයි දරුවෝ. එතැන දිශාව බලන්න ඇති. නමුත් උන්වහන්සේ දිශාව බැලුව නම් බලන්නේ, උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත්වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලාවත් නැහැ. එතකොට ඒ බෝධි සත්ත්වයෝ හැටියට ඉන්න වෙලාවෙ එදා දිශා වන්දනාව කියන දේ එදා සමාජයේ මුල් බැසගෙන තිබ්බ දෙයක්. ඒ සමාජයේ මුල්බැසගැනීම් වලට අදාළව උන්වහන්සේ බෝධි සත්ත්වයෙක්…

Read More

බත් හැළිය ඉදෙන්නත් ළඟයි… ඉක්මණට සමඟි වෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…

Read More

සතිපට්ඨානය හඳුනා ගන්න.

සතිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකයේ කිසි ම තැනකට, කිසි ම කෙනකුට අයිති නැති, එහි වාසය කරන කෙනා ලෝකයෙන් අයින් කරලා නිවන පිණිස ම අරගෙන යන තව එක පොළොවක්. කාම භූමිය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයයි, රූප, ශබ්ද ගන්ධ, රස, ඵොට‍්ඨබ‍්බ, ධම්ම කියන බාහිර ආයතන හයයි කියන දොළොස් ආයතන තුළ හැසිරෙනකමට…

Read More

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.

රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍ර‍ශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…

Read More