කළ්‍යාන මිත්‍ර ආශ්‍රය.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…

Read More

අතීත ශක්තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න..

භාවනාවට පෙර. අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ. මේවා මෙනෙහි…

Read More

මනාපකායික දෙවියෙක් වන්නට නම්…

සසර සැරිසරන සත්වයින් මනුලොව, දෙව්ලොව, බඹලොව ආදී සුගතියෙහිද නිරය ආදී දුගතියෙහිද ඉපදෙමින් මරණයට පත්වේ. ඒ අයුරින් දිව්‍ය ලෝකවල සැපසම්පත් අනුභව කරන අනේකවිධ දෙවි දේවතාවනුත් ඇත. ඒ අයුරින් තමාට අභිමත සම්පත් නිර්මාණය කොට එහි ඇලී අනේක සැප විඳිනා දෙවිවරු “නිම්මානරතී නම් දෙව්ලොව” උපත ලබයි. “නිම්මානෙ රති එතෙසන්ති නිම්මාණරතිනො” චිත්තානුරූපව තමා විසින් මවන ලද දෙව්සිරි සම්පත්හි ඇලීම…

Read More

සිව්පසය ලබාදී ජිවිතය ස්වභාව ධර්මයට සමීපකොට ගන්න.

පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදි කේන්තිය හොඳින් පුහුණුකළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින්…

Read More

ආනන්ද මහ රහතන් වහන්සේ

මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා. මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ. නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ…

Read More

ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරගන්න.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු…

Read More

අසීමිත තෘෂ්ණාවෙන් තබන පියවර.

පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාව වුණත්, එම අවිද්‍යා මුල පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත තෘෂ්ණාවේ සශ්‍රීකම පෝෂක ධර්මයන් වෙන්නේ, අපි විසින්ම ඇතිකොට ගන්නා ඇලීම් සහ ගැටීම්මයි. පිංවත අවිද්‍යාවත්, තෘෂ්ණාවත් වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. මේ දෙක සන්ධානගත වෙලයි තිබෙන්නේ. පිංවත තෘෂ්ණාවේ ඕජාව දුර්වල වෙනකොට අවිද්‍යාවේ මුල දිරා යනවා. තෘෂ්ණාව නැති තැන අවිද්‍යාවට පවතින්න බැහැ….

Read More

දානය අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි.

පිංවත අපේ රටේ ක්‍රියාත්මක වෙන ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතිය නිසා, පිංවත් ජනතාවගේ ආර්ථික අපහසුතාවයන් දවසින් දවස වැඩි වෙනවා. මේ මොහොතේ භික්ෂුව වැඩසිටින ආරණ්‍යයේ, අද දින දානය බාරගෙන තිබෙන පිංවතුන්ලා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, දානය පූජා කිරීමට පැමිණියේ නැහැ. දුරබැහැර පදිංචි මෙම දායක පිංවතුන් කැපකරු මහත්මයාගේ දුරකථන ඇමතුම්වලටවත් සම්බන්ධ වෙලා නැහැ. පිංවත රට තුළ ඔඩුදුවන බලවත් ආර්ථික…

Read More

සිත නිවාගන්න..

සඳ ඇති රාත්‍රියක නිසංසල තැනක හිඳගෙන සඳ දෙස බලා සිටින විට, සඳෙහි කිසියම් චමත්කාරයක් මනසට දැනෙන්න පටන් ගනීවි. සඳඑළිය සෞම්‍ය බවට මනස කියාවි. සඳඑළිය මුදු බව මනස කියාවි.සඳ ඇති රාත්‍රිය ආනන්දනීය බවට මනස කියාවි. එසේ සිතෙන විට නොදැනුවත්ම සඳ කෙරෙහි කැමැත්තක්, පහන්බවක්, ඇලෙන බවක් දැනේවි. එහෙත්…මනසට දැනුන ඒ කිසිවක් සැබැවින්ට සඳට හෝ ඇහැට අයත් නැති…

Read More

ප්‍රිය විප්‍රයෝග දුක්ඛය.

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි…

Read More