භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

විශුද්ධි ධර්මයන්.

බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක්…

Read More

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.

වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්‌තරාත්මකව පැහැදිලි කර දුන්හ. ආශ්‍රවයන් ක්‌ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා…

Read More

අවිද්‍යාවේ වියරු සත්‍යය දැන ගන්න.!

පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තව තවත් ජීවිතයට සමීප කරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක් සේ ජීවිතයෙන් මැකී යනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ, මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මග…

Read More

සැප සම්පතට ඉදිරියෙන් තැබිය යුතු පින.

පින්වත, අපේ ජීවිත තුළින් පංචශීලය දුර්වල වුණොත්, එහි ඵලය ඉන්ද්‍රිය අසංවරභාවයයි, පින්වත, එවිට සළායතනයන්ගේ ඵස්සය ඇලීම් සහ ගැටීම්වලින් අසංවර වෙනවා. පින්වත, ඔබ කුමන ආගමක වේවා, ඔබේ කල්‍යාණ මිත්‍රයා බවට පංචශීලය පත් කොට ගන්න. පින්වත, සමාජය තුළ බාල, තරුණ, මහලු භේදයකින් තොරව ඔඩුදුවන ඉන්ද්‍රිය අසංවරය දඬුවමෙන් යටපත් කරන්න බැහැ. පින්වත, අද දවසේ සමස්ත ජාතියට අත්‍යවශ්‍ය පංචශීලයේ…

Read More

නුවණින් දකින්න ජිවිතයේ යථාර්තය.

ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ. ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්,…

Read More

මනුෂ්‍යත්වය මහ පොළොව මත රෝපණය කරන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇසට බැඳිලා නැහැ. උන්වහන්සේලා ඇස නිසා සකස් වන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට බැඳිලා නැහැ. ඒ නිසා ම, උන්වහන්සේලා ඇස හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කන, නාසය, දිව, ශරීරය, මනසට බැඳිලා නැහැ. උන්වහන්සේලා සළායතනයෝ හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩ සිටින්නේ. පින්වත, ජාති, ජරා,…

Read More

කර්මය සත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?

කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත්…

Read More

දුර්වල වූ සිල්පදය ගැන වැළපෙනු වෙනුවට…

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ ස්‌වාමීන්වහන්සේලා උදය වරුවේ පිණ්‌ඩපාතය වැඩීමට කාලවේලා වැඩිනම් අන්‍යාර්ථකයින්ගේ ආරාමවලට ගිහිල්ලා, අන්‍යාර්ථකයින් සමග ධර්මය සාකච්ජා කළ අවස්‌ථා රාශියක්‌ තිබෙනවා. අන්‍යාර්ථකයින් ඉදිරිපත් කළ නොගැලපෙන කරුණුවලට ස්‌වාමීන්වහන්සේලා පිළිතුරු දෙන්න යන්නේ නැහැ. එම කරුණු පිළිනොගෙන, ප්‍රතික්‍ෂේපද නොකර බුදුරජාණන්වහන්සේ මුණගැසී එම ධර්ම කාරණා නිවැරදි කරගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට…

Read More

අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩ.

පින්වත කුමන අසනීපයකට බෙහෙත් තිබුණත් අනුවණකමට නම් බෙහෙත් නැහැ. මොක ද අනුවණකම කියන්නේ අසනීපයක් නොවන නිසා. පින්වත මෝඩකම, අනුවණකම කියන්නේ හේතුඵල ධර්මයක්. මෙතරම් දැනුමෙන්, බුද්ධියෙන්, දියුණු ලෝකයක අපි අනුවණකම් දැන දැනම සිදුකරන්නේ, අනුවණ විදියට හැසිරෙන්නේ, අනුවණ කතා කියන්නේ අපි මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල දී උතුම් සද්ධර්මය හාස්‍යයට ලක්කිරීම, ධර්මය අධර්මය කිරීම, විනය…

Read More