රූපස්කන්ධය.

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…

Read More

රූපයට රැවටීම.

පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවතුණා වෙනවා. අපි රූපය විදර්ශනා නුවණින් දැක්කොත්, රූප තෘෂ්ණාවේ නිරෝධයට හේතු වෙනවා. පිංවත ඉහත කාරණා තුනෙන් ඔබ වඩාත් ම කැමති කුමකට ද? දවසින් දවස ලෞකික ප්‍රඥාවෙන් දුර්වලවෙන සමාජය දෙස බලත්දි අපි දකින්නේ, රූපය විඳින පිරිසේ මහා වැඩිවීමක්….

Read More

සංඝරත්නයේ ගුණයන්.

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

සම්මුති ලෝකය ඉදිරියේ රූප (අ)සුන්දර ජවනිකාවක රඟ.

මේ රාත‍්‍රියේ සුළඟ හරියට සැරයි, සුළෙඟ් වේගයට කැලේ ගස් කොළන්වල අතු, ඇඹරෙන හඬින් පරිසරයම ඝෝෂාකාරී වෙලා, ඕනෑවට, එපාවට වැටෙන වැහි පොද, කුටියේ වහලය මතට වැටෙන ශබ්දය වරින් වර ඇසෙනවා. ස්වභාවධර්මය හරියට වේගවත් වෙලා, හරියට අකීකරු වෙලා. ස්වභාවධර්මය මනුෂ්‍ය අපිට සැප වේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් ලබාදෙනවා හුඟාක්ම අඩුයි. අජීවී ස්වභාවධර්මය, සජීවී අපිට, දුක් වේදනාවන්ම වැඩිපුර ලබාදෙන්නේ,…

Read More

අත්හැරීමෙන් ලබන ජය.

ලෝකයේ ජය පැරදුම කියලා දෙකක් තියෙනවා. මනුෂ්‍යයා කැමති වෙන්නේ කුමකට ද? සත්වයින් කැමති වෙන්නේ කුමකට ද? දිනන්ට කැමති යි. ජයග‍්‍රහණයට කැමති යි. ඔබ කැමති කුමකට ද? ජයග‍්‍රහණය කරන්ට කවුරුත් කැමති යි. ජයග‍්‍රහණය කියන්නේ සැප ඇති කරන එකක් ද? දුක ඇති කරන එකක් ද? මේ අය මොකද හිතන්නේ? දුක ඇති කරනවා කියලා කවුරුත් කියන්නේ නෑ නේද?…

Read More

දාඨාසේන රහතන් වහන්සේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද…

Read More

උපාදානයන් නිසා ඇතිවන භව තෘෂ්ණාව අවිද්‍යාවේ පුරාවස්තු.

පිංවත, ඇවිළෙන ගින්නට තව තව පිදුරු දමන්න එපා. ඇවිළෙන ගින්නට තව තව පිදුරු දැම්මොත්, ගින්න නිවාගන්න නම් හම්බවෙන්නේ නැහැ. පංචඋපාදානස්කන්ධ ලෝකයට තෘෂ්ණාවේ ගින්දර කියන්නේ හරිම ප‍්‍රනීත ආහාරයක්. පිංවත් ඔබ මේ මොහොතේ අසිහියෙන් සිටියොත්, ඔබේ අවිද්‍යාවෙන් තෙත් වූ ඵස්සය, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ප‍්‍රනීත ගින්දර ම සොයා ගෙන යාවි. පිංවත, ඔබව යමෙක් කායිකව හෝ මානසික්ව පීඩාවට…

Read More

පිරිතෙහි අනුසස්.

පිරිත් සජ්ඣායනාවකින් පසු අතේ බැඳගන්නා පිරිත් නූල මහානුභාව සම්පන්න ආරක්‍ෂාවක් බවට පත්වේ. සියළු සුබ කටයුතුවලට යාමට පෙර පිරිත් නූලක් බැඳ ගැනීමෙන් තෙරුවන් ආශිර්වාදය ඊට නිබඳව හිමිවේ. සියළු උපද්‍රවවලින් රැකවරණය සැළසේ. බොහෝ දෙනෙක් පිරිත් නූලක බලය ගැන නොයෙක් මතිමතාන්තර දක්වති. සමහරු කියන්නේ වරු තුනෙන් එහි බලය නැති වී යන බවය. වරු තුනෙන් බලය නැති වේ නම්…

Read More

මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි.

පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක්‌ වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්‌. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්‌ටු තුනක්‌ අල්ලලා තිබුණා….

Read More

පිංවත් ඔබත් මෙතැනට එන්න.

‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ…

Read More