පින සහ කුසලය වෙන්කර හදුනා ගනිමු.
අපි මේ ගැටලුව විසඳ්‍රගත යුත්තෙ අභිධර්ම පිටකයේ සහ සූත‍්‍ර පිටකයේ මෙන්ම ති‍්‍රපිටකය පුරා දක්නට ලැබෙන හේතු නිරුක්ති සහ උදාහරණ කෙරෙහි අවධානය යොමු කිරීමෙනුයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වැනි වර්ෂයේදී තව්තිසා භවනට වැඩ අභිධර්ම දේශනාව පැවැත්වූවා. ඒ දේශනාවේදී ලෝකයේ තියෙන ධර්මතාවන් ඉතුරුවක් නැතිව දේශනා කළා. සිත පිළිබඳත් සියල්ලම එතනදී දේශනා වුණා. සිත පිළිබඳ සියලුම දේශනා තියෙන්නේ…