චිත්තානුපස්සනාවත්, අංගුලිමාල රහතන් වහන්සේත් ගලපන්න.

චිත්තානුපස්‌සනා – 05. වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද..? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌…

Read More

ප්‍රිය විප්‍රයෝග දුක්ඛය.

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි…

Read More

යෝගාශ්‍රම සංස්ථාවේ හදවත, සදානුස්මරණීය නාඋයනේ අරියධම්ම මහා සංඝනේතෘන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ‘යෝගාශ්‍රම සංස්ථාවේ හදවත’ යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා…

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම ආහාරපානවලට කුමක් කළයුතු ද?

යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ. “තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං බුදුරජාණන් වහන්සේ ජීවමාන…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.

මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්‍රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න….

Read More

ප්‍රශ්නය : – ගරු ස්වාමීන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යද..?

පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ දී කාරණා තුනකින් ඔබ පරිපූර්ණ නම් චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලයි. මොනවද ඒ කාරණා තුන….? ■ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ■ දෙවන කාරණය තමයි වීර්යය. ■ තුන්වන කාරණය හිරිඔතප්. මේ කාරණා තුනෙන් මහත්තයා පරිපූර්ණ නම් මහත්තයාට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ…

Read More

කාටද මම මේ අවනඩුව කියන්නේ? කවුද මේ දුක මට දුන්නේ?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More

භික්ෂුවකගේ වගකීම අපමණය.

මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත‍්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම, බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම, බුදු සසුනේ පළමු ආරාම පූජාව…

Read More

පිංවත් ඔබත් මෙතැනට එන්න.

‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ…

Read More