පින්වත් ඔබ, මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් නොවන්න.
උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක් ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි… ඔබට…