බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමේ කුසලය.

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්තප්‍රසාද කුශලය ය. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදීන් මැවුම්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින්පවු වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේද, මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව, අන්‍යන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය…

Read More

භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.

දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…

Read More

අභිධර්මයේ මහඟු භාවය.

අති පූජ්‍යය “නා උයනේ අරියධම්ම නා හිමියන්” හා අති පූජ්‍යය “දරණාගම කුසලධම්ම නා හිමියන්” අතර ඇති වූ දහම් සංවාදයක ලිඛිත සටහනකි. නා උයන සේනාසනය විසින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහරින ලද “නිවැරදි දහම දැනගනිමු” කෲතියෙන් උපුටා ගන්නා ලදි. පූජණීය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ප්‍රශ්නය..? අපේ ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි,ස්වාමින් වහන්ස, ප්‍රධාන වශයෙන් බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ දේශනාව…

Read More

හේතුඵල ධර්මය දකින උපේක්ෂාවේ ආලෝකය.

සුන්දර වස්සානය ගෙවී ගිහිල්ලා, චීවර මාසය උදාවෙලා තිබෙනවා. පිංවත් බෞද්ධ ජනතාව වැඩියෙන්ම පිංකම් කරන මාසය. පිනට කැමති දෙවියන්, මනුෂ්‍ය අප කෙරෙහි කෘතවේදී සිතින් පිං අනුමෝදන් වෙන මාසය. උතුම් ශාසනික අර්ථයන් තව චිරාත් කාලයක් රැකගන්න, ගිහි සහ පැවිදි දෙපාර්ශවයේ විශ්වාසය ශක්තිමත් වෙන මාසය මේ චීවර මාසයයි. මෙය සටහන් තබන භික්ෂුව, මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය…

Read More

උකටලී භික්ෂුව පිළිබද කථා පුවත.

අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො. කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො. හෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය. “න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී…

Read More

ගෙයි ගින්දර පිටටත් එපා.! පිටරටටත් එපා.!

බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි ආයුෂ්මතුන්ගේ භාරකාරත්වය පවරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේව හඳුන්වන්නේ සංඝ සමාජයේ කිරි මව කියලයි. නිහතමානිභාවයේ පරතෙරට ගිය අයිතිවාසිකම් මඟහැර තම යුතුකම් පමණක් ම පූර්වාදර්ශයන් ගෙන්ම සංඝ සමාජයට ඉටුකළ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ අයෝමය සංඝ ගුණයන් භික්ෂුවට මේ හිමිදිරි උදෑසන සිහියට නැඟෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත මහෝත්තමයන්…

Read More

සිනහවත් කඳුළත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්.

පින්වත, අනාගතයේ යම් දවසක ප්‍රාතිමෝක්‍ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්‍ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය…

Read More

ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න.

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක‍්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප‍්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…

Read More

අෂ්ට ලෝක ධර්මයන් ඉදිරියේ ඔබ අවුල් නොවන්න.

පින්වත, දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. අවට පරිසරයේ කොළ පැහැය තාවකාලිකව අතුරුදන් වෙලා. මුළු පරිසරය ම තද මීදුමින් වැහිලා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය වලාකුළු මැද්දේ ඉදිවෙලා තිබෙන කුටියක් වගේ මයි. පින්වත, තේජෝ ධාතුවේ ආධිපත්‍යය දරන හිරු අසරණ වෙලා, ආපෝ ධාතුව පරිසරයේ ආධිපත්‍යය තාවකාලිකව දරනවා. පින්වත, භික්ෂුව මේ දකින්නේ ආපෝ ධාතුවේ කෙටි ආස්වාදයයි. පින්වත,…

Read More

උපන් බිමට ඇති ධර්මානුකුල සම්බන්ධය කුමක් ද?

තවත් සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලු‍ත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිත වලට එකතු කොට ගැනීමෙන් පමණක් මයි. සිංහල අලු‍ත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්ති වෙන පින්වත් ඔබ මොහොතක්වත් සිතුවාද…

Read More