අධර්මයේ කාලය අති දීර්ඝයී.
රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව, රූපය ඇසුරු කරමින්ම, ක්රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්වභාවයෙන්ම තිබෙන්නට හැර, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලාගන්න ඕනෑතරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස් වුණාය කියලා ලෝකයට පාඩුවක් නැහැ. ලෝකයට හැමදාමත් පෙරහැරවල් දෙකක් තිබෙනවා. එක පෙරහැරක් තමයි ධර්මයේ පෙරහැර. අනෙක් එක තමයි අධර්මයේ පෙරහැර. ලෝකයේ හැමදාමත් අධර්මයේ පෙරහැර දිග…