“අද පසළොස්වක පොහොය දවස”
අද පසොළොස්වක පොහොය දවස. කුටිය අවට කැලෑ පරිසරය හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහා ධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහා ධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ…