බුර බුරා නැගෙන කොරෝනා අකුසලය.

පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමින්වහන්ස, අපිට ආයෙමත් කවදාද පාසල් යන්න ලැබෙන්නේ කියලා. ඒ අහිංසක දරුවාගේ පාසල් තෘෂ්ණාව, හේතුවෙන් සකස්වෙන උපාදානය, ශෝක පරිදේව, දුඛ්‍ය, දෝමනස්සයන් බවටම පත්වෙලා. පාසල් ජීවිතයේ ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, පංච උපාදානස්කන්ධ දුක, හරි හරියට දරුවන්ට විපාක දෙනවා. පිංවත් දරුවන් කොරෝනා අකුසලය හේතුවෙන් පාසල් නොගියත්, මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතෙත් පාසල් යනවා. මේ…

Read More

යෝනිසෝ මනසිකාරය.

කෙළවරක් නොපෙනෙන සසර පුරා අප පුරුදු පුහුණු කරමින් පැමිණියේ කෙලෙස් වලට යටවෙමින් තව තවත් සසර දිගු කර ගැනීමට කටයුතු කිරීමය. අවිද්‍යාව මෝහය මුල් බැස ගෙන ඇති සත්වයාගේ සිත් තුල මේ ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධයක් තිබුනේ නැත. මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් හැකියාවක් ඔවුනට නැත. වැඩිපුරම දුගති වල සැරිසරමින්, ඉඳහිට සුගතියකට යමින් ගමන්…

Read More

සැබෑම ආදරවන්තයා.

සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි…

Read More

විශේෂ වෙසක් දින‌ ලිපිය – 02.

(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වසරේ වෙසක්‌ දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක්‌ වේ. එය ඉතා දිගු සටහනකි. මේ එම සටහනේ දෙවන කොටසයි.) ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත්…

Read More

උපාසක චණ්ඩාලයා.

“පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨෝ ච, කතමෙහි පඤ්චහි? අස්සුද්ධො හොති, දුස්සීලො හොති, කෝතුහල මංගලිකො හොති, මංගලං පච්චෙති නො කම්මං. ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති. තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨො ච”. මෙහි තේරුම…

Read More

අකුසල් සංස්කාරයෝ හෘද සාක්ෂියටත් අකීකරුය.

පිංවත් ඔබ, මම ඔයාට ආදරෙයි කියලා, කාටහරි කියලා තිබෙනවා ද? ආදරය කියන වචනය බොහෝම ලෙන්ගතු වචනයක් වුණත්, ආදරය කියන අර්ථය තුළ, මුළු ලෝකයම තිබෙනවා. මුළු ලෝකයම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි කියලා. පිංවත් ඔබ කැඩෙන, බිඳෙන, විසිරෙන දේවල් හොඳ සිහි නුවණින්…

Read More

නොදුටු කළණ මිතුරු ඇසුර.

බුද්ධ ශාසනයේ වෘද්ධිය දුෂ්කරය. යමෙක් මේ බුද්ධ ශාසනයෙහි වෘද්ධියක් ලබන්නේද ඒ සඳහා බලවත්ම උපනිශ්‍රය ලබනුයේ කළ්‍යාණ මිත්‍රයන්ගෙනි. බුදුරජාණන්වහන්සේ වදාලේ මේ බුද්ධශාසනයම පවතිනුයේ එකී සම්පත්තිය පදනම් කරගෙනය යනුවෙනි. මූලික වශය‍ෙන් යමෙක් අකුසලයෙන් මුදවා කුසලයෙහි සමාදන් කරවනුයේ කළ්‍යාණ මිත්‍රයා විසින්ය. ඉන් අනතුරුව අනුපිළිවෙලින් අර්හත්වය දක්වාම හික්මවනුයේ උන්වහන්සේලා විසින්මය. ධර්මය සොයා තමන් වෙත පැමි‍‍‍‍ණෙන පුද්ගලයන් හට කළ්‍යාණ මිත්‍රයෙකු…

Read More

පිං පව් එනවා අපි පසු පස්‌සේ – 1

භික්‍ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක්‌ හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක්‌ පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස්‌ රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම…

Read More

ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේ ද?

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ…

Read More

සයනයේ ප්‍රේතිය.

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා….

Read More