සැබෑම ආදරවන්තයා.

සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි…

Read More

පිිළින්දිවච්ච රහතන් වහන්සේ.

බුදුන් වහන්සේ පිළිබඳවත් රහතන් වහන්සේලා පිළිබඳවත් සමාජයේ විවිධ මතවාදයන් මතුවෙමින් තිබේ. බොහෝ දෙනා තම තමන්ට සිතෙන සිතෙන ආකාරයට බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත් පිළිබඳව අර්ථකතන දෙති, විස්තර කරති, විග්‍රහ කරති. එපමණක් නොව ඔවුන් විසින් සාදාගත් රාමුවලට නොගැලපෙන කිසිවෙක් එබඳු උතුමන් විය නොහැකියයි ඔව්හු සිතති. නමුත් ගෞතම බුදු සසුනේ එකල වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ චරිත විස්තර පිලිබඳ…

Read More

ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට නොබනින්න.

පිංවත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පිංවත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලැබුවා වූ පිංවතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත්, ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පන්කරුවන්…

Read More

විඤ්ඤාණය – 08.

පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්‍ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්‌කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. ඔබට අර්ථයක්‌ තිබෙන්නේ අනුන් නිසා සකස්‌වෙන ඔබේ සිතිවිලිවල අනිත්‍යභාවය දැකීමයි. බාහිර…

Read More

ඔබ මා හමුවූයේ කඳුළු පිරි දෑසින් සමුගැනීමට නොව එකිනෙකාගෙන් නිදහස් වීමටය.

අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත‍්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ‍්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප‍්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ. වර්තමානයේ,…

Read More

අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ මෛත්‍රී භාවනාව.

මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! මා මෙන්ම සියලු ම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! මා මෙන්ම දස දිශාවේ ම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! උතුරු…

Read More

බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්‌ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා. මේවා ධර්මානුකූලව දැකීමට ඔබ අදක්‍ෂ නම්, මේවා හේතුවෙන් ඔබ තුළ නැති…

Read More

අධික කෝපය පාලනය කරගනිමු.

පින්වත් ස්වාමීන් වහන්ස, අධික කෝපය පාලනය කිරීමට කුමක් කළ යුතු ද? විශේෂයෙන්ම අපහාස, චෝදනා ඉදිරියේ දී කෙසේ මුහුණ දිය යුතු ද? මෙහි දී කෝපය නිසා, නොඉවසීම නිසා තමන්ට සිදුවෙන අවාසි, ආදීනව නුවණින් මෙනෙහි කිරීමත් – මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස සිහිකිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. අංගුත්තර නිකායට අයත් පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී නොඉවසීමේ, කෝප වීමේ ආදීනව…

Read More

සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා ගිය සමාජය.

පින්වත මේ ලෝක ධාතුවේ එකම පරම සත්‍යයයි තිබෙන්නේ. එම පරම සත්‍යය තමයි තෘෂ්ණාව තිබෙනවා නම්, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තිබෙනවා ය කියන පරම සත්‍යය. යම් පින්වතෙක් තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කරයි ද, ඔහු ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ නිරෝධය කරනවා ය කියන පරම සත්‍යය. පින්වත මේ පරම සත්‍යය අපේ ජීවිතවලට ගොඩාක් ඈතින් නේද…

Read More

එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක.

සංඝානුස්සතිය – 10. සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්‌කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්‌තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසාම උතුම් සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයට හිමිකම් කියනවා. මේවා හේතුඵල ධර්මයන්. යම් භික්‍ෂුවක්‌ තුළ සාමීචිපටිපන්න ගුණය නැතිනම්, ඒ කියන්නේ සංසාර බිය නැතිනම් අකුසලය දුරුකර කුසලය මතු කරගැනීමට වුවමනාවක්‌ නැතිනම්, එම භික්‍ෂුව තුළ උජුපටිපන්න ගුණය ඒ…

Read More