පංච නීවරණ ධර්මයන්ගේ තිව්‍රභාවය.

පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්‍රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….

Read More

අපායේ උපතක්.

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි. මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය…

Read More

මාර ධර්මයන්ට පහර දීම…

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක්‌ සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්‌, මරණාසන්න මොහොතේදී, අකුසලය හේතුවෙන්ම, ඒ මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන අවසාන චුති සිත. පිංවත් ඔබ සිතන්න මනුෂ්‍යයෙක්‌ ශරීරයේ පෙට්‍රල් තවරාගෙන ගිනිගොඩක්‌ අසලින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ. එක්‌ ක්‍ෂණයකින් මේ මනුෂ්‍යයාගේ මුළු ශරීරයම ගිනිගන්නවා. ඉහත කාම අපරාධයන් සිදුකළ, මරණාසන්න මොහොතේ පසුවන ඔහුගේ අවසන් සිතිවිලි…

Read More

මියගිය ඥාතියාට ඔබ සැබවින්ම හිතවත් ද?

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ…

Read More

ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය ?

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ’ කියලා. රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයයි.

පිංවත ලැබුවා වූ 2024 නව වසර පිංවත් ඔබ සතුටින්, පුණ්‍යවන්ත සිතින් පිළිගත්තා ද? එසේත් නැතිනම් 2024 නව වසර, සතුට ඔබට ගෙනත් දේවි යැයි කියලා, තවමත් බලාගෙන සිටිනවා ද? පිංවත අළුත් අවුරුද්ද තුළින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. උදාවෙන නව වසරක තිබෙන්නේ, දිනෙන් දින ගෙවීයන දින 365 ක් විතරක්මයි. පිංවත උදාවුණ නව වසරේ ඔබ තුළිනුයි, ඔබ සතුට…

Read More

    කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ ද?

    ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය. එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌…

    Read More

    කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!

    ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…

    Read More

    භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.

    දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…

    Read More