උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා…

Read More

ශීලය යනු සමාධියට සේන්දුවීමේ මාර්ගය පමණි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උතුම් පැවිද්ද ලබන වෙලාවේ, ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගැන එක වචනයක්‌වත් කියවලා දැනගෙන හිටියේ නෑ. සතර පාරාජිකා, සංඝාධිශේෂ ආදිය දැනගෙන හිටියේ නැහැ. ධුතාංග ශීලය ගැන දැනගෙන සිටියේ නැහැ. පැවිදිභාවයට පත්වී වසරක්‌ ගෙවුණු තැන මාගේ උතුම් උපසම්පදාවට මාස දෙකකට පෙරාතුවයි මම උතුම් භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශිල්පද 227 ගැන දැනගත්තේ. භික්‍ෂුව මේ ප්‍රාතිමෝක්‍ෂ ශීලය හදාරල දැනගත්තට…

Read More

‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද’ කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්‍ෂුව දුන් පිළිතුර වුයේ ‘මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්‌. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ…

Read More

ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.

‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක්‌ සිදු වන බවට බියක්‌ පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක්‌ මතක්‌ කළා. සත්වයන් රැස්‌ කොට ගන්නා අකුසල් සංස්‌කාරයක්‌ හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…

Read More

කර්මය සත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?

කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත්…

Read More

මේ ජාතියේ දී මඟපල ලැබීමට කොතෙක් කල් පිරූ අතීත පාරමිතාවක් තිබිය යුතු ද?

එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, බුදුවරුන් ගේ ප්‍රාර්ථනාව සිදුවීමට කොතෙක් කල් ගත විය යුතුදැ”යි විචාළෝය. “බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨ අසංඛෙය්‍යානි සප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡෙදෙන සොළස අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච.” “ආනන්දය, බුදුවරුනට යටත්පිරිසෙයින් චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, උපරිම පරිච්ඡේදයෙන් ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්…

Read More

අකුසල් මූලයන් නිසා ගොරෝසු සිත.

පින්වත අද උදෑසන පිණ්ඩපාත මඩුවට පින්වතුන් පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියා. මේ සෑම කෙනෙකුගේ ම මුහුණුවල තිබුණේ සතුටක්. දුකෙන් පිරිච්ච ලෝකය තුළ කෙනෙකුගේ පුංචි හෝ සතුටක් කියන්නේ පිනේ ඵලයක්. ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ, මෛත්‍රියේ දිට්ඨධම්මවේදනීය ප්‍රතිලාභයක්. මේ පින්වතුන් පිණ්ඩපාත මඩුවේ දී ලබන මේ පුංචි සතුට පෙරළා තම නිවසට ගොඩවැදීමේ දී දුකක් බවට පත්වෙන්න පුළුවන්. පින්වත සිතුවිල්ලෙන්…

Read More

මෛත්‍රියට අදාළ ආනිශංසයෝ ජිවිතයට එකතු කරගන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි” කියලා. පින්වත, “සත්ත්වයා කර්මය මගේ කොට ගෙන, කර්මය ඥාතියා කොට ගෙන, කර්මය සෙවණැල්ල කොට ගෙන උපදියි” කියලා. පින්වත, අද සවස් යාමයේ භික්ෂුව අධිවේගී මාර්ගයේ බසයක වඩිද්දී, වේගයෙන් ගිය බස් රථයේ ඉදිරිපස වැදී පක්‍ෂියෙක් මැරී වැටුණා. පින්වත, පරිසරය පුරාවට මෙතරම් ඉඩකඩක් තිබිය දී, මෙම…

Read More

පූර්වේනිවාවාසානුස්‌සති ඥානය.

භික්‍ෂුවක් පූර්වේනිවාවාසානුස්‌සති ඥානය ඔස්‌සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්‌සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්‍ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්‍ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්‌සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්‍ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්‌. දරුවාට වයස අවුරුදු 10 ක්‌ වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්‍ෂණයි, ප්‍රකට කරන්නේ. එම…

Read More

පින්වත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්ෂයෙක් දකින්න.

වරක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්‍ෂණියක්‌ දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්‍ෂණියක්‌. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්‌වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්‍ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක්‌ ඇයට තියෙන්නේ. හරියටම තමාගේ…

Read More