සුන්දර සටහන.

බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගොස්‌ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගත වුවද තවමත් ඔබත් මමත් අසරණ නැත. දුකෙන් මිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවමානව ඇත. එයත් උතුම් බුදුගුණයක්‌මය. ශ්‍රාවකයන්ට විස්‌තර වශයෙන් ධර්මය දේශනා කිරීමට උත්සාහ රහිත වූ නිසාත්, ශ්‍රාවකයින්ට ශික්‌ෂාපද නොපැනවීම නිසාත් විපස්‌සි බුදුරජාණන් වහන්සේගේත් සි‚ බුදුරජාණන් වහන්සේගේත් වෙස්‌සභූ බුදුරජාණන් වහන්සේගේත් ශාසන උන්වහන්සේලා පිරිනිවන්පෑ පසු බොහෝ කල් පැවතුණේ නැත….

Read More

ඕපාදූප නැමති මිච්ඡා වචාවන්ගේ ආශ්වාදයට යට වීමට පෙරාතුව ආදීනවය නුවණින් දකින්න.

ඕපාදූප කතාකරනවා කියන්නේත් සංස්කාර රැස්කොට ගැනීමක්ම වෙනවා. ඒ කියන්නේ ඕපාදූපත්, සංස්කාරත්, හේතුඵල ධර්මයක්ම වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වචී සංස්කාර වශයෙන් දේශනා කොට තිබෙන්නේ විතක්ක, විචාර කියන අර්ථයන් දෙකයි. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් ප‍්‍රකාශ කිරීමට පෙරාතුව ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ මූල බීජමය අවස්ථාවයි. ඵස්සය හේතුවෙන් ඇතිකොට ගන්නාවූ විතර්කය, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පෝෂණය කිරීම විචාරය වෙනවා….

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු එම ආහාරපානවලට කුමක් කළයුතු ද?

යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ. “තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං බුදුරජාණන් වහන්සේ ජීවමාන…

Read More

කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය සරලයි.

පින්වත, මේ දවස්වල පාතාලයේ මහ මොළකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරක්‍ෂක හමුදා විසින් සිදු කරනවා නේද? පින්වත, ඔබලා මොන මෙහෙයුම් සිදු කළත්, පාතාලයේ මහ මොළකරුවා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ. අපිව දුකට පත් කරන, අපිව වධයට පත් කරන, අපගේ සැපය මංකොල්ල කන සැබෑ පාතාලය මෙහෙය වන මහ මොළකරුවා වෙන කවුරුවත් නොව, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා…

Read More

දානපතියකු වන්නේ කෙසේද?

දානපතියකු වන්නේ කෙසේ ද ? ——————————————- ‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ. නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි. දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ. 1. දාන දාස 2. දාන සහාය…

Read More

සසරින් එතෙර වීම.

1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත. 2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත. 3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත….

Read More

සිවුපසය පමණක් දන් දී සෑහීමකට පත්විය නොහැක.

පිංවත, ඔබ අත්දැකීම් බහුල උගතෙක් වෙන්න පුළුවන්. දන්න මායම් සියල්ලම දමලා ජය කණුව මත සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොන දේවල් තිබුණත්, ශිල්වත්භාවයේ ආනිශංසයන් සහ දුශිල්වත්භාවයේ විපාකයන් ගැන ඔබ නොදන්නවා නම්, පිංවත් ඔබ දන්නා සියල්ලම යම් දවසක, බිංදුවටම වැටෙන බව ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත, ජාතියක් හැටියට අපි දුශ්ශීලභාවයේ ආදීනවයන් තුළ කරවටක් ගිලිලයි සිටින්නේ. නමුත්…

Read More

ශ්‍රද්ධාව ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයයි.

පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පීර පීරා බැලුවත්, ධර්මයකින් තොර දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. පිංවත කාම, රූපි, අරූපී භවාත්‍රයේ සත්ත්වයන් තුළින් පටිච්චසමුප්පාද ධර්මයන්ගෙන් තොර සත්ත්වයෙක් කෙසේ නම් දකින්න ද? පිංවත යම් පිංවතෙකුගේ උස ශරීරයත්, තවත් පිංවතෙකුගේ උසින් අඩු ශරීරය යැයි කියන්නේත් ධර්මයක්මයි. ඒ ධර්මය තමයි අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවය. පිංවත වර්තමාන අපේ…

Read More

සැදැහැ සිතින් දෙන දානයේ අනුසස්.

*කාශ්‍යප බුදුන් වහන්සේට සැදැහැ සිතින් දුන් දානයේ අනුසස්* පින් රැස් කිරීමට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් නොමැත. අවශ්‍යතාවය තිබේ නම් අන් කෙනෙකුගේ කුසල කර්මයකට වූවද සැදැහැ සිතින් එක් වී දිව්‍ය සැප සම්පත් ලැබූ අය පිළිබඳ තොරතුරු ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන සමයේ, වේදේහ රටේ මියුලු නුවර නිමි රජව උපන්නාහ. නිමි රජු…

Read More

පිරිතෙහි අනුසස්.

පිරිත් සජ්ඣායනාවකින් පසු අතේ බැඳගන්නා පිරිත් නූල මහානුභාව සම්පන්න ආරක්‍ෂාවක් බවට පත්වේ. සියළු සුබ කටයුතුවලට යාමට පෙර පිරිත් නූලක් බැඳ ගැනීමෙන් තෙරුවන් ආශිර්වාදය ඊට නිබඳව හිමිවේ. සියළු උපද්‍රවවලින් රැකවරණය සැළසේ. බොහෝ දෙනෙක් පිරිත් නූලක බලය ගැන නොයෙක් මතිමතාන්තර දක්වති. සමහරු කියන්නේ වරු තුනෙන් එහි බලය නැති වී යන බවය. වරු තුනෙන් බලය නැති වේ නම්…

Read More