රූපස්කන්ධය.

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…

Read More

තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව.

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්…

Read More

මරණ බියෙන් තොර මරණයක් උදෙසා.

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…

Read More

සතුට ඇත්තේ කොතැන ද?

පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තුවක් ද? එසේත් නැති නම් ප්‍රශ්නාර්ථයක් ද? පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් නම්, පින්වත් ඔබගේ එම සුන්දර බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්…

Read More

දෙව් දුවක් සමඟ නිවසේ වාසය කරමු.

පඨම සංවාස සුත්තං – එකට වාසය කිරීම ගැන වදාළ පළමු දෙසුම. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මධුරාවට ත්, වේරඤ්ජාවට ත් අතර වූ දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී බොහෝ ගෘහපතියෝ ද, ඔවුන්ගේ බිරින්දෑවරු ද මධුරාවට ත්, වේරඤ්ජාවටත් අතර දිගු මාර්ගයට පිළිපන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව එක්තරා රුක් සෙවණක වැඩහුන් සේක. ඒ ගෘහපතිවරු ත්, ඔවුන්ගේ…

Read More

අධාර්මික රජතුමා – අටුවා රසකතා.

කාශ්‍යප බුදුරජුන්ටත්, ගෞතම බුදුරජුන්ටත් අතර කාලයක අතිදේව නම් රජ කෙනෙකුට පුතෙක් සිටියේ ය. හෙතෙම ධාර්මික ය. එහෙත් ධනයෙන් හිඟ වූවෙකි. ධනය රැස්කිරීමට කැමති වූ මොහු තම ඇමතිවරුන් කැඳවා මෙසේ කීවේ ය. “ඇමතිවරුනි, රාජ භාණ්ඩාගාරයේ ධනය හිස් වී ඇත. මම එය හොඳින් දනිමි. එම නිසා කෝෂ්ටාගාරය දැහැමින් පිරවිය යුතු ය. අධාර්මික ලෙස නොපිරවිය යුතු ය. එමෙන්…

Read More

පාරිසරික හේතූන් හේතුඵල ධර්මයන්ට ගළපා දකින්න.

පින්වත, උපත යම් තැනක ද එතැන මරණය තිබෙනවා. උපත සතුටින් පිළිගන්න අපි, මරණය ඉදිරියේ දුකට, ශෝකයට පත් වෙනවා. ඉපදුණේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා හිතන්නට අපිට තවම චිත්ත විශුද්ධියක් නැහැ. චිත්ත විශුද්ධිය තවමත් අපේ දුර්වල වන්නේ සීල විශුද්ධියක් ගැන අපි තවමත් සිතලා නැති නිසාමයි. පින්වත, මේ කොයි දෙය ගැන සිතන්නත් අපිට සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ ගැන…

Read More

පංච නීවරණ ධර්මයන්ගේ තිව්‍රභාවය.

පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්‍යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්‍යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්‍රයට අදාළව ක්‍රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්‍රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….

Read More

දානපතියකු වන්නේ කෙසේද?

දානපතියකු වන්නේ කෙසේ ද ? ——————————————- ‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ. නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි. දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ. 1. දාන දාස 2. දාන සහාය…

Read More

සිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත්වන කෙනා සැමවිටම පෞර්ෂත්වයෙන් යුත් පින්වතෙක්.

ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක්‌ ශීලය ජීවිතයට එකතුවුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්‍රිය සංවරය ඇතිකරල දෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කරදෙන්නේ. ශීලයෙන් දුර්වලවෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පිංවතුන්ලාගේ සතිය සිහිය දුර්වලවෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක්‌ සමාජය තුළ නිර්මාණය…

Read More