සැබෑම මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.
කායානුපස්‌සනාව – 02. ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක් මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස් කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්ෂුව…