සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා…

Read More

සිල්පද පහේ ආරක්ෂාව තුළ ජීවත්වන කෙනා සැමවිටම පෞර්ෂත්වයෙන් යුත් පින්වතෙක්.

ශීලය කියන්නේ බොහෝම සුන්දර අර්ථයක්‌ ශීලය ජීවිතයට එකතුවුණ තැනදි ජීවිතය සැහැල්ලු වෙනවා. ජීවිතය සරල වෙනවා. ශීලයයි මනුෂ්‍යයා තුළ ඉන්ද්‍රිය සංවරය ඇතිකරල දෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරයයි මනුෂ්‍යයා තුළ තම යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඒවා නිවැරැදිව ඉටුකිරීම සම්බන්ධයෙන් සතිය සිහිය ඇති කරදෙන්නේ. ශීලයෙන් දුර්වලවෙන ප්‍රමාණයට සමාජයේ ජීවත්වන පිංවතුන්ලාගේ සතිය සිහිය දුර්වලවෙලා යනවා. මෙම අනතුරේ පැතිකඩක්‌ සමාජය තුළ නිර්මාණය…

Read More

ධර්මයට වැරදි අර්ථකථන දෙන්නේ කෙලෙස්වල ගොරොසුකමින් ම ය.

ඔබ ලෝකයට යන්න හැරලා, ලෝකය පසුපසින් යන්න. එවිට පිංවත් ඔබට ලොකු සැහැල්ලුවක්‌ දැනෙනවා. ලෝකය අල්ලාගැනීමට යැම තුළින්මයි අපි වෙහෙසට පත්වෙන්නේ. රූපයේ අනිත්‍යභාවය දකිමින්, කෙළෙස්‌වල තුනී භාවය ඇතිකරගන්න. සෝවාන් ඵලයට පත්වුණ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යය පාලනය කළේ, රූපයේ අනිත්‍යභාවය දැකීම තුළින් ඇතිකරගත් කෙළෙස්‌වල තුනීභාවය තුළින්මයි. යම් පිංවතෙක්‌ පැවිදිවෙනකොට හෝ උපසම්පදා වෙනකොට අසන සාම්ප්‍රදායික ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඒ…

Read More

තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න.

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්න ම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ මේල් තව ගොඩාක්…

Read More

සත්වන තථාගත බලය.

(ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’ ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත…

Read More

ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත.

ධම්මානුස්සතිය – 3. පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක්‌ පැමිණෙනවා, තමා නිදහස්‌ වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන් නිදහස්‌ වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්‌ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්‌කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි…

Read More

අනිත්‍යයි කියන සංඥාව මා තුළින් මා බැලුවේ ඔය ආකාරයටයි.

ප්‍රශ්නය :- අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, අනිත්‍ය සංඥාව වඩන හැටි විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කිව්වහම දැන් අපි ඉර නැගල, ඉර බැහැල යනවා දකිනවා. නමුත් කිසිම කළකිරීමක් ඇති වෙන්නේ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙන්නේ නෑ. මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍ය තාවයක් දැකිය යුතුයි නේ ස්වාමීන් වහන්ස. ඒක…

Read More

රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳදමන්න.

තවත් සුන්දර වස්සානයක් උදාවෙලා මේ ගෙවී යන්නේ හතරවැනි සතිය. භික්ෂුව වැඩසිටින ප‍්‍රදේශයට මේ දවස්වල වැස්ස නැති වුණත්, සුළඟ නම් හරිම සැරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ සමතුලිතභාවය, පිංවත් මනුෂ්‍යයා විසින්ම පාරිසරික විනාශයන් තුළින් බිඳ දමනකොට, සතර මහා ධාතුව වෙන් වෙන්ව කිපීම්වලට ලක්වෙනවා. පරිසරයේ හමායන මේ අකීකරු සුළඟ, අපේම තෘෂ්ණාවෙන් සකස් වුණ ඵලයක්. ලොව්තුරා…

Read More

මෛත්‍රි භාවනාව කියන්නේ ද අතහැරීමකි.

භාවනා කරන බොහෝ දෙනෙක්‌ උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්‌වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්‍ෂ කීයක්‌ පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද…? විහාරස්‌ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්‌වා සිල් පවාරනය නොකොට විහාරස්‌ථානයේම නවතින්න. සවස හතර වනවිට…

Read More

වැරදි උපදේශයන් ඔබව වැරැද්දටමයි යොමු කරන්නෙ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දවස, කොසොල් රජතුමා මඟුල් ඇතුපිට නැගී නගර සංචාරය කරන කොට, නිවසක සිටි රූමත් කාන්තාවක් දැකීමෙන් කාමච්ඡන්දයන් ඇතිවුනා. ඇය දුටු මොහොතේ පටන් ඇයව අයිති කොට ගැනීමේ උපක්‍රමයක් ගැනමයි රජු සිතුවේ. ඇයගේ ස්වාමිපුරුෂයා මරා දමා ඇය අයිති කොට ගැනීමට රජු උපායක් යෙදුවත් ස්වාමිපුරුෂයා මරා දැමීමේ උත්සාහයන් ව්‍යාර්ථ වී ගියා. මේ රූමත් කාන්තාව ගැන සිතීම…

Read More