විඥ්ඥාණ මැජික්කරුවාගේ රූකඩයක් නොවන්න.

පිංවත ඔබේ බලාපොරොත්තු බිඳවැටුණාය කියලා, ඔබ උපන් මාතෘභූමිය අතහැරදමා විදේශගත වෙන්න තීරණය කරන්න එපා. මම උපන් මාභූමිය නරකයි, අහවල් රටවල් හොඳයි යැයි කියන මිත්‍යාව මත ජීවත්වෙන්නත් එපා. පිංවත් ඔබ සිහිනුවණින් දකින්න, ඔබ උපන් පිංවන්ත මාතෘභූමිය, ඔබටම එපාවෙන්න ඔබ විසින්ම සිදුකොටගත් අතීත අකුසල් මොනවාද කියලා. මෙය සටහන් තබන් භික්ෂුවට නම් තවමත් උපන්බිම එපාවෙලා නැහැ. මනුෂ්‍යයකුගේ උපන්…

Read More

ඇලහැර සංඝ සාකච්ඡාව.

ගෞරවණීය රන්මුතුගල බුද්ධවංශ ස්වාමින් වහන්සේ :- ගෞරවණීය අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා ආරම්භයක් වශයෙන් ඔබ වහන්සේට ආරාධනා කරමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..!!! මේ සියළුම ස්වාමීන් වහන්සේලා වහ වහා මේ සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වශයෙන්…

Read More

සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා…

Read More

ගිලන්පසට අමතරව හාමුදුරුවන්ට ‘හවස දානයත්’ දෙන ඔබ ගැන අනුකම්පාවෙනි.

පින්වත් පටාචාරාව සංස්කාරයන්ගේ වියරුවෙන් නිදහස් වුණා. නමුත් පින්වත් ඔබ ඔබට සිදුවන අසාධාරණයන්ට එරෙහිව, තවමත් සාධාරණය බලාපොරොත්තු වෙනවා නේද..? කුරුල්ලකුගේ පාදයට සිරකොටගෙන සිටින කොළ පණුවාව, එම කුරුල්ලා තම හොටෙන් කෑලි කඩාගෙන රස කරමින් අනුභව කරනකොට එම කොළ පණුවා මරණීය බියෙන් දඟලන්නේ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්මයි. නමුත් එම කොළ පණුවා බලාපොරොත්තු වන සාධාරණය මිරිඟුවක්මයි. පාසල් වයසේ දරුවෙක් භික්ෂුවගෙන්…

Read More

බත් හැළිය ඉදෙන්නත් ළඟයි… ඉක්මණට සමඟි වෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…

Read More

විඤ්ඤාණය – 11.

පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති නොදැනුවත්භාවය නිසාම, බුදුරජාණන් වහන්සේ කාරණා පහකට ගොනුකොට පෙන්වූ ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය, අපි ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන සංකීර්ණ වූ සම්මුති ලෝකය බවට පත්කොටගෙන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සිටිමින් පංච උපාදානස්කන්ධ ධර්මයන් ගැන සොයනවා. එය හරියට ඇල්වතුර බොමින්, ඇල්වතුර කියන්නේ මොනවද කියලා සොයනවා වගේ වැඩක්. ඒ නිසාම පින්වතුන්ලා ප්‍රකාශ කරනවා,…

Read More

ජිවිතය දුකෙන් නිදහස්.

පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා….

Read More

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්, ‌ඔබේ සිත තුළත් උපදවාගන්න.

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද…

Read More

පින් දෙන ආකාරය.

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින්…

Read More

ලොව සුන්දරම මරණයට ඔබට හිමිකමක් ඇත.

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ….

Read More