අවබෝධය උදෙසා හුස් ම රැල්ල යොදාගන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී බොහොම නිරවුල්ව දේශනා කරනවා භවදුකෙන් අත්මිදීම සඳහා සතර සතිපට්‌ඨාන ධර්මයන් ජීවිතයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය. මේ තරම් පැහැදිළි සම්මා සම්බුද්ධ දේශනාවක්‌ තිබියදී අපට ඇසෙනවා බාහිර ක්‍රමවේදයන් පිළිබඳ සමාජයේ යම් ප්‍රවණතාවක්‌ තිබෙනවා. මේ හැම ක්‍රමවේදයක්‌ තුළින්ම මනුෂ්‍යයා යම් සහනයක්‌, සැහැල්ලුවක්‌ ජීවිතයට ලබනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. නමුත් අපේ අරමුණ ජීවිතයට…

Read More

පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමයද මේ කය?

කායානුපස්‌සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස්‌ 32 ක්‌ කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස්‌ හතරකට සරලකොට ගන්නවා. ශරීරයේ තද ස්‌වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්‌වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු…

Read More

රහත් සිත නම් පර්වතය, රූප සුළි සුළං හමුවේ නොසැලෙන අපූරුව.

අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් අනිත්‍ය භාවයට පත් වෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ නිමේෂයේදී දේවස්ථානයේ දෙවියන් යදිමින් සිටින පින්වතා, ඊළග නිමේෂයේදී, දේවස්ථානය තුළදීම, පිපිරීමකින් කැඩී බිඳී මියයනවා. ඒ විතරක් නොවේ, ඊළග තත්පරයේදී, එම මියගිය පින්වතා, පටිච්ච සමුප්පන්නව නැවත භවයේ උපතකුත් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්මය, මොන තරම් නම් වේගවත් භාවයෙන් සත්ත්වයාගේ ජීවිත…

Read More

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය.

දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක්…

Read More

තෘෂ්ණාවේ “කිරි මුල්” සිඳ දැමීම කළ හැක්කේ කෙසේද?

– මහ රහතුන් වැඩි මඟ ඔස්සේ… අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සද්ධර්මයට දායාද වෙන්න, ශීලයට, සමාධියට, ප‍්‍රඥාවට, ඥාණදර්ශනයන්ට, විමුක්තියට දායාද වෙන්න කියලා. ඔබලාගේ ශාස්තෘන්වහන්සේ උතුම් නිකෙලෙස් විවේකයෙන් ගතකරත්දී මාගේ ශ‍්‍රාවකයින් වන ඔබලා අවිවේකයෙන් නොහික්මෙන්න එපාය කියලා. උතුම් සංඝ සමාජයේ අපිට රට, ජාතිය, ආගම, පන්සල, ආරණ්‍යය, සමාජ වගකීම්, මේවා නිසා විවේකය…

Read More

පිනෙහි ආශ්වාදය යනු කාමයෙහි ආශ්වාදයමය.

තවත් සුන්දර වෙසක් සතියක් ගෙවී ගියා. වෙසක් දින රාත‍්‍රියේ ආකාශයේ රන් තැඹිලි පැහැයෙන් ප‍්‍රභාෂ්වරව විකසිත වූ, නවයොවුන් වෙසක් සඳවතිය, දිනෙන්, දින, පැහැයෙන්, ප‍්‍රභාෂ්වරභාවයෙන්, කේඩෑරිවී යනවා. සියලූ සුන්දර නවයොවුන් සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ට. කුසල් සහ අකුසල් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව අයිතිවෙන්නේ පංචනීවරණ ධර්මයන්ට. පංචනීවරණ ධර්මයන් අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පංචනීවරණ ධර්මයන් විසින් අවිද්‍යාව…

Read More

ගිහි ජීවිතය විනිවිද දකින්න.

පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම…

Read More

තණ්හාව අතහැරිය යුතු ජීවිතය.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල් ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධ වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධයෙන්මයි. පසුගිය දවසක මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, තෘෂ්ණාව දුකට හේතුව නම්, ඇයි අපි තෘෂ්ණාවෙන් පින් කරන්නේ කියලා. පිංවත, දුකට හේතුව තෘෂ්ණාව බව ඇත්ත. මේ ඇත්ත දැනගත් පමණින්, මේ…

Read More

අවිද්‍යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත.

පිංවත, බලාපොරොත්තු කඩවීම් දෝරෙගලා යද්දී, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් අතර සිරවෙලා. මොකක්ද මේ ලෝකයට සිද්ධවෙන්නේ. මේ සිදුවන සිදුවීම් අරුමයක්ද, පුදුමයක්ද, එසේත් නැතිනම් ලෝකයේ සැබෑම අර්ථයද. පිංවත් ඔබගේ සිතට විවේකයක් අවශ්‍යයි, ඉහත ප‍්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබාගන්නට. අපි අපේ මස් ඇසින් දකින ලෝකයට වඩා, අපි සද්ධර්මයේ ඇසෙන් දකින ලෝකය, අහසයි පොළවයි වගේ වෙනසක් තිබෙනවා. භික්ෂුව ලෝකය…

Read More

ඔබේ ඥාති පරම්පරාවේ සමූහ ජායාරූපයක් හදාගන්න.

දන්දීමට අකමැති පිංවතුන් සමාජය තුළ කොතෙක්‌ ජීවත්වෙනවද. ඒ අය දන්නේ නැහැ, පූජාකරන දානය අයිතිවෙන්නේ තමන්ටමය කියලා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඇසිදිසි දානය පූජාකරගත්තේ කොසොල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසවයි. රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර මල්ලිකා දේවිය ඇසිදිසි දානය පූජා කිරීමෙන් අනතුරුව, කොසොල් රජතුමාගේ ‘කාල’ කියන ඇමතිවරයා, මෙම ඇසිදිසි දානය මහා මුදල් නාස්‌තියක්‌ය කියලා දුක්‌ වුණා. විවේචනය…

Read More