කාලයේත්, ආහාරයේත්, රෝගයේත් යථා ස්වාභාවය මෙසේ විචාරන්න.

පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොටගන්නවාද. කාර්යබහුල ජීවිතයේදී ඔබ කාලය නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොටගන්නවාද. මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක්‌ නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක්‌ පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්, ඇමදීම් කටයුතු…

Read More

වැසි සමය කියාදෙන අර්ථවත් ධර්මය.

පින්වත අපි සද්ධර්මය නොතකා හැරියොත් අසද්ධර්මය අපිව ගිල ගන්නවා. පින්වත අසද්ධර්මය යැයි කියන්නේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි නොදැනීමයි. දුක නිරෝධය කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි නොදැනීමයි. පින්වත අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා නිදහසේ අහමු, වර්තමානයේ කාගේ ළඟ ද තෘෂ්ණාව නැත්තේ. පින්වත් ඔබ ගැන කුමන කතා ද, වර්තමානයේ තමන් රහත්…

Read More

ධර්මය තුළින් ධර්මය ම දකින්න.

පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ…

Read More

චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍ර‍ශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්‍ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍ර‍ශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම්…

Read More

භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.

දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 02.

චතුරාය්‍ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වන හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් නිසා විඤ්ඤාණය සකස්‌වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්‌වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්‌වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්‍යාව වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්‍යාවේ අඳුර දකින්න. අවිද්‍යාව නිරෝධය…

Read More

තාක්ෂණයට නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව.

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම. පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල්…

Read More

කැමැත්ත අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්ෂාව.

පිංවත ඔබ සිතනවා ද ඔබට කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවාය කියලා. සමාජයේ ජීවත්වෙන සමහර පිංවතුන් සිතනවා තමන්ට සමාජයෙන්, රජයෙන් විතරක් නොවේ දෙවියන්ගෙන්, අමනුෂ්‍යයින්ගෙන් පවා අසාධාරණයන් සහ පීඩාවන් සිද්ධ වෙනවාය කියලා. අධික වැසි සහිත කාලයට වැස්ස පීඩා කරනවාය, අධික වියලි කාලයට හිරුඑළිය අපිට පීඩා කරනවාය කියලා කියන පිංවතුන් මොනතරම් නම් අපි අතර සිටිනවා ද? පිංවත…

Read More

ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයී.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌,…

Read More

විතර්කයේ සිරකරුවෙක් නොවෙන්න.

භික්ෂුව උදෑසන පිණ්ඩපාතයේ වඩින ගුරු පාර අද්දර තිබෙන සුසානභූමිය, අද වෙනදාට වඩා එළිපෙහෙළි කරලා. සුසාන භූමියේ අඩක් දිරාගිය ගේට්ටු කණු දෙකේ ළපටි කෙසෙල් කැන් දෙකක් සහිත කෙසෙල් ගස් දෙකක් බැඳලා. අපේම බෞද්ධ පින්වතුන්ගේ ළපටි ඉන්ද්‍රිය ධර්මයන්ට ඔච්චම් කරන්නට වගේ, ගේට්ටු කණු දෙකේ බැඳ දමා තිබූ කෙසෙල් ගස් දෙකේ තිබෙන කෙසෙල් කැන් දෙක පාළු ගුරුපාර දෙස…

Read More