ආරක්‌ෂාවීමේ අරුත.

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…

Read More

නව අරහාදී බුදුගුණ – බුද්ධො බුදු ගුණය

“බුද්ධො” යන පදයේ මුලින්ම දත යුතු දෑ නොවිමසා බුද්ධත්වය තුළ ඇති දෑ සෙවීමටත්, සම්බුද්ධත්වය තුළ ඇති දැ සෙවීමටත්, මේ දෙකේ විවිධත්වය සෙවීමටත් යුහුසුළු වෙති. ඒ නොමැනවි. අපි මුලින්ම සිතෙහි සන්සුන් බව ඇති කරගෙන “බුද්ධො” යන මුල් පදය දැන ගනිමු. “බුද්ධො” යන පදය සෑදෙන්නේ “ බුධ” ධාතුව මුල්වීමෙනි. පාළි භාෂාවේ “බුධ” ධාතු දෙකක් තිබේ. එකක් දිවාදි…

Read More

ආර්ය විමුක්තියේ නිදහස.

පින්වත, ලෝකය යැයි කියන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක්. පින්වත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වැඩි වෙන කොට මේ සන්දර්ශන වේදිකාව උණුසුම් වෙනවා. පින්වත, හිටපු පින්වත් ඇමතිවරු සහ නිලධාරීන් දීර්ඝ සිර දඬුවම් ලබනවා. ඒ කියන්නේ තනතුරු දැරූ කාලයේ අසිහියෙන් අත්විඳි කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ලබනවා. පින්වත, මේවා…

Read More

නරකය.

අප මේ සංසාරයේ දී සතර අපාවලට වැටී විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නො හැකි තරම් ය. කෙනෙකු කොහේ ගියත් තමන් ගේ ම නිවසට ම ආපසු එන්නාක් මෙන්, තමන් ගේ ම නිවසේ ම නිතර වාසය කරන්නාක් මෙන්, ලෝක සත්වයා නිතරම යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳු ය. සත්වයා ඒ අපාවල විඳි දුක්…

Read More

නික්‌ලේශී මහා සංඝරත්නය.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි නොකියන, ගැලී නොසිටින එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේදිය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත්…

Read More

වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…

Read More

සුන්දරයී කියන්නෙ, අනිත්‍යයි කියන නිසාමයි. හැම දේම වෙනස් වෙන නිසාමයී.

ඇතැම් අය හිතනව මෙතනින් ජීවිතය නතර වෙනව කියල. මැරිල වැළලුවට පස්‌සෙ ආයෙත් පැවැත්මක්‌ නෑ කියල. නමුත් ශ්‍රද්ධාව සකස්‌ කරගත්ත කෙනෙක්‌ එහෙම දකින්නෙ නෑ. හේතුඵල දහම අනුව නැවත අපි ඉපදීමක්‌ ගැන විශ්වාස කරනව. එහෙම විශ්වාසයෙන් දකින අපිට ඕන නිරෝධයක්‌ මිසක්‌ තාවකාලික විසඳුම් නෙමේ. බුදුරජාණන් වහන්සෙ අපි අපු මේ සංසාර ගමනෙ දීර්ඝ භාවය ගැන හොඳ උදාහරණයකින් පැහැදිලි…

Read More

මස් මාංශ අනුභවය, මත්පැන් පානය, සිල්පද බිඳීමක් ද?

මෙහෙමයි. මස් මාංශ පාවිච්චි කිරීම කියන කාරණය නම් සිල්පද බිඳීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් තමන් සත්ත්ව හිංසාව කරලා, සත්ත්ව ඝාතනය කරලා එහෙම නැත්නම් තමන් මරන්න කියලා අණ කරලා ඒ ආකාරයෙන් ගන්නා වූ මස් මාංශ අනුභවය නම් පාපකාරීයි. තේරුණාද? ඒවායින් සිල්පද බි⁣දෙනවා. එහෙම නැතුව කඩෙන් මාළු පන්සීයක් ගෙනැල්ලා කෑවා කියන කාරණය, බුදුරජාණන් වහන්සේ…

Read More

ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහිතේ ජීවමානව තිබුනත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප්‍රශ්නාර්ථයක් !!!

වේගයෙන් සිල් පද දුර්වලකරගන්නා සමාජයක, වේගයෙන් අකුසල් මූලයන් වර්ධනය කොට ගන්නා සමාජයක, සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිත තුලින් සොදාපාලුවී යන සමාජයක, ආදරය නැමැති වචනයේ අර්ථය, රාගය විසින් උදුරාගත් සමාජයක, ආදරය නැමති වචනයේ අර්ථය, ද්වේශය විසින් උදුරාගත් සමාජයක, ආදරයේ නාමයෙන් අනාගතයේ නැවත කවදාකවත් ටජ්මහල් ඉදිවෙන්නේ නැහැ. ආදරයේ නාමයෙන් අනාගතයේ ඉදිවුණොත් ඉදිවෙන්නේ කඳුලු ස්මාරකයක් පමණක්මයි. මුදල් මත සියල්ල…

Read More

ඔබේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ තවමත් ඈතද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට…

Read More