සිදුහත් තවුසාත් සුබ දිශාව බැලුවාද?

මෙහෙමයි දරුවෝ. එතැන දිශාව බලන්න ඇති. නමුත් උන්වහන්සේ දිශාව බැලුව නම් බලන්නේ, උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත්වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලාවත් නැහැ. එතකොට ඒ බෝධි සත්ත්වයෝ හැටියට ඉන්න වෙලාවෙ එදා දිශා වන්දනාව කියන දේ එදා සමාජයේ මුල් බැසගෙන තිබ්බ දෙයක්. ඒ සමාජයේ මුල්බැසගැනීම් වලට අදාළව උන්වහන්සේ බෝධි සත්ත්වයෙක්…

Read More

පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක්‌ වීමේ අගයම දකින්න.

මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක්‌ සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක්‌ වීම හරිම අනතුරක්‌ නේද කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක්‌ වීම මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්‌මයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව දන්නේ…

Read More

සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුල ය.

පින්වත, ඔබ පංච උපාදානස්කන්ධයෝ සතුටින් ම පිළිගන්න කෙනෙක් ද? එසේත් නැතිනම් පංච උපාදානස්කන්ධයෝ විදර්ශනාවෙන් දකින පින්වතෙක් ද? පින්වත, පංච උපාදානස්කන්ධයෝ විනිවිද දකින්න නම් සති සම්බොජ්ඣංගය තිබෙන්න ම ඕනේ. පින්වත, සන්දර්ශන අසිරියෙන් සමාජගත වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බරපතළ අනතුරක් මයි. පින්වත, ගෙවී ගිය පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී පින්වත්…

Read More

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු.

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි…

Read More

බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමේ කුසලය.

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්තප්‍රසාද කුශලය ය. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදීන් මැවුම්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින්පවු වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේද, මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව, අන්‍යන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය…

Read More

නිවන් මඟ ගමන් කරන පිංවතා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට ගරුකළ යුතුයි කියලා. එම කාරණා හත තමයි බුදුරජාණන් වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට, ශීලයට, සමාධියට, අප්‍රමාදීභාවයට, ධර්ම සාකච්ජාවට. ධර්ම සාකච්ජාව නිවන් මාර්ගයට අදාළ ගරුකළයුතු ධර්මයක්‌ වෙනවා. ධර්ම සාකච්ජාව සාර්ථක කරගැනීමට නම් සවන්දීමේ හැකියාව අපි ඇතිකරගතයුතු වෙනවා. නිවන් මාර්ගයේ ගමන්කරන පිංවතාට නිහඬ පරිසරය හුඟාක්‌ වැදගත් වෙනවා. අපි…

Read More

මා පැවිද්ද ඉල්ලුවෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…

තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…

Read More

උපාදානය.

“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං” කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ. ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක…

Read More

අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

Read More

ධර්ම රත්නයේ උතුම් ගුණය.

පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්‌මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්‌ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…

Read More