රූපයන්ට ඇලී හෝ ගැටී සිල්පද දුර්වල කර නොගන්න.
පිංවත උතුම් සද්ධර්මය යැයි කියන්නේ ජීවිතයෙන් පලායන දහමක් නොවේ. ජීවිතය ජයගන්නා දහමක්. ජයත්, පරාජයත් යන දෙකම, අනිත්ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටදෙන දහමක්. පිංවත ජීවිතය ජයගන්නා දහමක්, ජීවිතය අවබෝධ කොටගන්නා දහමක් සරණ ගිය අපි, ඇයි මේ අසරණව ජීවත් වෙන්නේ? පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝකයක් මැද්දේ, තෘෂ්ණාවේ ගිනි නිවන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් ජලය අවශ්යම…