මෛත්‍රියත් පරෙස්සමින්…

පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…

Read More

විශ්වයේ පහළ වූ අසිරිමත් ගුරුවරයා.

ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය සැබවින්ම අර්ථ සම්පන්න වන්නේ වෙසක් පොහෝ දින එළිය දුටු ඒ අසිරිමත් පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව පෙනෙයි. උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය මනාව අර්ථසම්පන්න කළ උතුමන් වහන්සේ ය. එම නිසාම උන්වහන්සේට මග්ගඤ්ඤු (One who know the path) මග්ගක්ඛායි…

Read More

ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්.

පිංවත “ධර්මයෝ ධර්මයෝ ම වඩත්, අධර්මයෝ අධර්මයෝ ම වඩත්” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ඔබ මෛත්‍රියය වඩන්න, එවිට සමාජය තුළ මෛත්‍රියයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත ඔබ සිල්වත්භාවය ම ජීවිතවලට එතකු කොට ගන්න, එවිට සීලයේ ආනිශංස ධර්මයෝ ම සමාජය තුළ වැඩිලා යාවි. පිංවත ඔබ දානය, ත්‍යාගය ම ජීවිතයට පුහුණු කරන්න, එවිට…

Read More

අකුසලයට අභියෝග කොට, කුසලයෙන් නැගී සිටින්න.

පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වර්ණය, සැපය, බලය ලබා දෙන සුන්දර වස්සානයේ පළමුවෙනි සතිය ගෙවී ගියා. පින්වත, වස්සානය තවම නැවුම් වුණත්, හැමදාමත් උදෑසනට විසිපහකට වැඩි ගම්වාසීන් පිරිසක් පිණ්ඩපාතය බෙදන්න පැමිණෙනවා. පින්වත, ඈත ගම්මානවල පින්වත් මනුෂ්‍යයෝ සමථ සහ විදර්ශනා භාවනාවන්ට ගොඩාක් කැමතියි. එම පින්වතුන්ලා දෑස් පියාගෙන සමාධිමත් සිතින්, සළායතනයෝ අනිත්‍ය යැයි නුවණින් දකිද්දී, උතුම් සම්මා සම්බුද්ධ…

Read More

නිවනට පක්ෂව උඩුගම් බලා යන විඤ්ඤාණය.

පින්වත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘථග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්‍රකටව තිබෙනවා. සකෘදාගාමීඵල අවබෝධයේ දී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාමරාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ…

Read More

ඉන්ද්‍රිය සංවරයට ගරු කරන්න.

පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත,…

Read More

භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

උපන් රටේ උත්තම පුරුෂයකු වන්න.

පිංවත පංච නීවරණයන්ගෙන් වැසී ගිය ඔබේ සතිය සිහිය සප්ත බොජ්ඣංගයන්ගෙන් අවදිකොට ගන්න. පිංවත මේ ඔබේ ම සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම අසිහියෙන් පටිච්චසමුප්පන්නව තනාගත් සංස්කාර ලෝකයයි. පිංවත මේ ඔබ ම යළි යළිත් අසිහියෙන් ම ජීවත් කරවන සංස්කාර ලෝකයයි. අවිද්‍යාවේ මුදුන් මුලෙන් උනන සංස්කාර ඕජාවෝ, විඤ්ඤාණය වාජීකරණයකොට පංච උපාදානස්කන්ධ දුකට පණ දෙන සංස්කාර ලෝකයයි. පිංවත්…

Read More

අනුන්ව වට්ටන්නට බොරුකීම.

පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට…

Read More

නොනිමෙන ගමනක්.

පින්වත අද උදෑසන වයෝවෘද්ධ අම්මා කෙනෙක් තම මැදිවියේ දියණියක් සමග පිණ්ඩපාත මඩුවට දානය බෙදන්න පැමිණියා. වයෝවෘද්ධ අම්මා පිණ්ඩපාතයට බෙදුවේ බත් හැන්දක්. දියණිය බෙදුවේ ව්‍යංජනයක්. එය ප්‍රණීතභාවයට අයිතිවෙන ව්‍යංජනයක්. ඒ අම්මා බත් හැන්ද බෙදුවේ හරිම සතුටකින්. ඒ වයෝවෘද්ධ අම්මා දැනගෙන සිටියේ නැහැ, බත් හැන්දේත් ප්‍රණීත දානයේත් වෙනස. හැබැයි තම දියණිය ඒ වෙනස ගැන දැනගෙන සිටියාය කියලා…

Read More