පින්කැමති සියලුදෙනා මෙය කියවා එය ජීවිතයට කමටහනක්ම කර ගනිත්වා.

“රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත්…

Read More

ලිහා ගතයුතු පළමුවැනි ගැටය, සම්මා දිට්ඨිය යි…!

භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක…

Read More

කාමයන්ට ගිජු වීමේ ආදීනව.

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව…

Read More

ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට බණින්න එපා.

පින්වත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පින්වත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලද පින්වතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත් ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පම්කරුවන් නිසා…

Read More

දරුවාගේ දඟකාරකම, ධර්මයේ ඇසින් දකින්න.

පින්වතුන්ලා තුළ උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් ඇතිවෙන කොට ධර්මය ඔබට අධර්මය හැටියට පෙනෙන්නට පුලුවන්කම තිබෙනවා. තමන්ගේ කෙළිලොල් දඟකාර පිරිමි දරුවා මේ දවස්වල ගෙදර ලිස්සල වැටිලා අත උලුක්කුවෙලා. සතියක්ම පාසල් ගමනත් නැවතිලා. දරුවාගේ තාත්තාට දරුවාගේ අත උලුක්කුව බරපතල ප්‍රශ්නයක් වෙලා. එම පින්වත් තාත්තා තම දරුවා ගැන ඔහුට ඇති ප්‍රශ්නය භික්ෂුවට ඉදිරිපත් කළේ මෙහෙමයි. ස්වාමීන්…

Read More

ධර්මයටම අපි හෙට දවස භාරකරමු.

පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය ජීවිතයට එකතුකොට ගන්නේ නැතිනම්, ඔහු දුකට පත්වේවි. ඒත් දුකට පත්වෙන ඔහුව දැකලා ඔබ සිනාසෙන්න එපා. පිංවත් ඔබ සිනාසුණොත්, ඉන් අදහස් වෙන්නේ ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවිතයට එකතුකොටගෙන නැති බවයි. පිංවත වර්තමාන සමාජයේ දුකට පත්වෙන පිරිසත්, එම අයට සිනාසෙන පිරිසත් දකිනකොට, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මොනතරම් නම් දුරස්…

Read More

ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.

කායානුපස්‌සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…

Read More

තෘෂ්ණාව දුරු කළ නව වසරක් !

උපුටා ගැනීම – දිවයින ඉරුදින පුවත්පත. පිංවත, 2022 නව වසර උදාවුණා. පිංවත් ඔබ උදාවුණ නව වසර ධර්මානුකූලව පිළිගත්තා ද, එසේත් නැතිනම් ඇලීම් සහ ගැටීම් දෙක තුළ මොනවට දෝලනය වෙමින් සද්ධර්මයෙන් බැහැරව අලුත් අවුරුද්ද පිළිගත්තා ද? පිංවත් ඔබ මොහොතක් දෑස් පියා ගන්නකෝ. දැන් නුවණින් දකින්න, මේ ලැබුවා වූ නව වසර ඔබේම කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළව…

Read More

සංවර වූ, හික්මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්මයී.

තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක්‌ අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක්‌ දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක්‌ නේද? අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක්‌ නම් දීර්ඝ කරයිද? අතීතයේ…

Read More