Chamela Aluthgedara

Software Engineer

ධර්මය තුළින් බුදුන්වහන්සේව දකින්න.

පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ පුදුමාකාර වේගයකින්. පින්වත, අවිද්‍යාව වේගවත් වෙද්දී, සංස්කාරයෝ වේගවත් වෙනවා. වේගවත් වන සංස්කාරයෝ අපේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ අලුත්, අලුත් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ගෙවී ගිය දශක පහක කාලය තුළ මනුෂ්‍ය ජීවිතවල ඔඩුදුවපු පංච නීවරණ ධර්මයෝ හේතුවෙන් අවිද්‍යාව ශක්තිමත් වී මොනතරම් නම් අකුසල් සංස්කාරයන්ගේ ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ සිදු වුණා ද? පින්වත,…

Read More

ධර්මය දෙස ධර්මයේ ඇසෙන් බලන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය හේතුවෙන් සකස් වන දීර්ඝ ආදීනවයන් දෙස සිහිනුවණින් බලලා, කාමයේ සහ රූපයේ නිස්සරණය දිශාවට යන්න” ය කියලා. පින්වත, කාමයේ සහ රූපයේ නිස්සරණයට තිබෙන එකම මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත් ඔබ බොහෝම සතුටින් සමරපු සිංහල අලුත් අවුරුදු මංගල්‍යයයේ කෙටි ආස්වාදය ඉවරයි නේද? දැන් ඉතින්…

Read More

රූපයේ සහ කාමයේ වෙස් මුහුණු.

පින්වත, සිංහල අලුත් අවුරුද්ද සතුටෙන් සැමරුවා ද? පින්වත, භික්ෂුවට නම් ඉතින් මොන අවුරුදු ද? නෑදෑයොත් නැහැ, හිතමිතුරොත් නැහැ, ගෙවල් දොරවලුත් නැහැ, සල්ලිත් නැහැ. පින්වත, මේ මොනවා නැති වුණත්, භික්ෂුව ළඟ සතුට, ප්‍රීතිය, පස්සද්ධිය නම් දොරේ ගලා යන්න තිබෙනවා. පින්වත, ඒත් එම සතුට, ප්‍රීතිය, පස්සද්ධිය භික්ෂුව සතුටින් පිළිගන්නේ නැහැ. පින්වත, සතුට, සතුටින් පිළිගත්තොත්, දුක කොහෙන් හෝ…

Read More

වාම ශ්‍රී දළදා වහන්සේ.

ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර? මෙතරම් විශේෂයක්? සතර දළදා වහන්සේලාගෙන් දෙව් මිනිසුන්ගෙන් වැඩිමනක් පූජෝපහාර ලැබෙන්නේ අපගේ සෙංකඩගල නුවර දළදා වහන්සේටයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසටම සියලු බෞද්ධයන් වාම දළදා වහන්සේට වන්දනා කරනවා. ඇයි මේ වාම දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර..??? මෙතරම් විශේෂයක්?? අපිට පියවි ඇසින් දකින්න ලැබෙන එකම දළදා වහන්සේ වෙන්නේ මේ වාම…

Read More

බිය අයිති ඔබට නොවේ.

පින්වත, තවත් සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වෙලා. පුණ්‍යවන්ත ජීවිතවලට, පුණ්‍යවන්ත සංස්කෘතික සැමරීමක්. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වී යන නිසා ම, දුර්ලභ ජාතික වටිනාකම් අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට තබන්න ඕනේ. පින්වත, අපි දුර්ලභ මනුෂ්‍ය අර්ථයන් ආරක්‍ෂා කොට ගත් පරපුරේ අන්තිමයා වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ජාති ණයකාරයන් බවට පත් වෙනවා. පින්වත, පුණ්‍ය කාලයෙන්…

Read More

ගිහි ජීවිතය විනිවිද දකින්න.

පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම…

Read More

සියලු සංස්කාරයෝ වෙනස් වන්නේ ය.

පින්වත, ලස්සනට තවත් නමක් කියන්න කිව්වොත්, භික්ෂුව කියන්නේ ආදරය කියලා. මොකද දන්නවා ද, ලස්සන හැම දෙයට ම අපි ආදරය කරනවා. පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථය තුළ නම් කිසිම ලස්සනක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් ආදරය අවලස්සන කරලා. ආදරය අපිට කෙටි ආස්වාදයේ, දීර්ඝ ආදීනවයන්ට පාර කියනවා. පින්වත, ඔහුට හෝ ඇයට නොවේ, ඇලීම් සහ ගැටීම් සංසිඳුණු…

Read More

අවිද්‍යාව යම් තැනක ද, එතැන තෘෂ්ණාව ය.

පින්වත, විමුක්තියේ නාමයෙන් සත්ත්ව යාග, ගිනි යාග, යුදමය යාග, දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී යාග සිදු කරන ලෝකයක, තුනෙන් දෙකේ බලයක් යැයි කියන්නේ විමුක්තියක් යැයි දකින ලෝකයක, ධර්මානුකූලව සැබෑ විමුක්තිය යැයි කියන්නේ, සියලු ලෝක ධර්මයන්ගෙන් නිදහස් වූ ධර්මතාවයක්. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට, සම්මා ඥාන තුළින් අටෙන් එකට පෙරා ලබන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ…

Read More

තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකයේ ඔබ නවතින්න.

පින්වත, තවත් ලස්සන දවසකට හිරු උදා වෙලා. කැලෑ පරිසරයේ කුරුල්ලෝ තරගයට සින්දු කියනවා. පින්වත, ගොරහැඩි සංගීතය, ගොරහැඩි කටහඬවල්, අරුත් සුන් ගී පද කුරුළු සංගීතය තුළ නැහැ. පරිසරයේ ස්වාභාවික රිද්මයට තාලය අල්ලමින් ඒගොල්ලෝ සින්දු කියනවා. කුරුල්ලන්ගේ සින්දු ඇහෙද්දී, භික්ෂුවගේ ජීවිතයත් පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා. උදෑසන හිරු අවදි වෙන පරිසරයේ රිද්මයට, ස්වභාව ධර්මය ළයාන්විතව සින්දු…

Read More

කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය සරලයි.

පින්වත, මේ දවස්වල පාතාලයේ මහ මොළකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරක්‍ෂක හමුදා විසින් සිදු කරනවා නේද? පින්වත, ඔබලා මොන මෙහෙයුම් සිදු කළත්, පාතාලයේ මහ මොළකරුවා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ. අපිව දුකට පත් කරන, අපිව වධයට පත් කරන, අපගේ සැපය මංකොල්ල කන සැබෑ පාතාලය මෙහෙය වන මහ මොළකරුවා වෙන කවුරුවත් නොව, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා…

Read More