අතීත විඤ්ඤාණය, වර්තමාන විඤ්ඤාණය අනිත්‍යවී ගියා නම්, අනාගත විඤ්ඤාණය අනිත්‍යයි.

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රී රත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානේය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද? සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට…

Read More

අටවන තථාගතබලය.

(අතීත ජාති දන්නා නුවණ) “පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී…

Read More

අකුසල් සංස්කාරයෝ හෘද සාක්ෂියටත් අකීකරුය.

පිංවත් ඔබ, මම ඔයාට ආදරෙයි කියලා, කාටහරි කියලා තිබෙනවා ද? ආදරය කියන වචනය බොහෝම ලෙන්ගතු වචනයක් වුණත්, ආදරය කියන අර්ථය තුළ, මුළු ලෝකයම තිබෙනවා. මුළු ලෝකයම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි කියලා. පිංවත් ඔබ කැඩෙන, බිඳෙන, විසිරෙන දේවල් හොඳ සිහි නුවණින්…

Read More

අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු.!

අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, ඇතෙක් බරට බලාපොරොත්තු පොදි බැඳගෙන, අද හෙටම තවත් අලූත් අවුරුද්දක් උදාවෙනවා. දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී පුපුරා යෑමට නියමිත රතිඤ්ඤා හඬේ දෝංකාරය, අපේ අනාගත බලාපොරොත්තුවල තරම, නොසඟවා ප‍්‍රකාශ කරාවි. සත්‍යකින්ම උදාවෙන අලූත් අවුරුද්දේ අපි අලූත් බලාපොරොත්තු ඇති කොටගත යුතුයි. ලබන්නා වූ අලූත් අවුරුද්දේ අපිට පුළුවන් නම්, තවදුරටත් දිය…

Read More

චතුරාර්‍ය්‍ය සත්‍යය හැඳින්වීම.

දුකය, දුක් ලැබීමට කාරණය, සැපය, සැප ලැබිය හැකි ක්‍ර‍මය යන මේ කරුණු සතර මිනිසුනට තබා දෙවියන්ටවත්, තත්ත්වාකාරයෙන් නො දැනෙන රහස් සතරකි. මේ කරුණු සතර දන්නහුදැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නය. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්‍ය ලෙස දැන සිටීමෙනි. අසත්‍ය දැනීම යනු නොදැනීම ම ය. ලෝකයෙහි…

Read More

චතුරාර්ය සත්‍යාවබෝධයේ වටිනාකම.

සෝවාන්වීමය, සකෘදාගාමී වීමය, අනාගාමී වීමය, රහත් වීමය, පසේ බුදු වීමය, ලොව්තුරා බුදු වීම යයි කියනු ලබනුයේ ඒ ඒ තරාතිරමින් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්‍ය්‍ය සත්‍යය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහි මලාමක වූ පෘථග්ජන භාවයෙන් නැගී, තථාගතයන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලයෙක් වන්නේ ය. ඔහුට සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ. සෝවාන් පුද්ගලයා තමන් ලැබූ සත්‍ය…

Read More

‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවීමෙන් ‘ඵස්‌සය’ (ස්‌පර්ශය) කියන ධර්මතාව සකස්‌ වුණා. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලය තමයි වේදනාව. ‘ඵස්‌ස පච්චයා වේදනා. ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධා’ ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා සකස්‌වෙන ඵලය තමයි, වේදනාව. නැතිනම් විඳීම කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සැප වේදනාව, දුක්‌ වේදනාව, උපේක්‍ෂාසහගත වේදනාව කියලා තුන් ආකාරයක වේදනාවක්‌. සැප, දුක්‌, උපේක්‍ෂා කියන විඳීම් තුනම…

Read More

හිංසාවෙන් විමුක්තිය සොයන මිනිස්සු, සුගතියෙන් ඈතට යනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වඩිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සූදානම් වෙමිනුයි හිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් උයනේ ලොකු ගවයන් 700ක්, ගොන් නාම්බන් 700ක්, තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල ගැටගසා තිබුණා. ඒ කියන්නේ සතුන් 3500ක් යාගය සඳහා…

Read More

සුන්දර තාරුණ්‍යය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස… ජීවිතයට ලොබ බඳින සතුට, සැනසීම සොයා යන ජීවිතේ, අපූර්ව කාල පරිච්ඡේදය යෞවනත්වයයි. කවුරුත් ලෝකයට අත්පොත තියන ස්වාධීනත්වය අගයන කාලයක් තාරුණ්‍යය. එය අසීමාන්තිකව වින්දනය පසුපස හඹා යන, අලුත් අත්හදා බැලීම් කරන සුන්දර කාලයක්. ඇතැම් විටෙක කෙනෙක් ඒ තරුණ බවින් මත් වෙන්නටත් පුළුවන්. අද තාරුණ්‍යය බොහෝවිට ඒ යොවුන් මදයෙන් මත්ව ඇති…

Read More

සිහින මැකී යන ලෝකය මිරිගුවකි.

සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය තව තව දලූ, අතු රිකිලි දමා වැඩෙන්න ඕනේ. එවිටයි සුවසේ විදර්ශනා අරටුව ශක්තිමත් වෙන්නේ. මේ සියල්ලම ශක්තිමත් වුණොත් තමයි, සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ…

Read More