ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළා, මේ සසරින් ගැලවීයන්න නම් ඔබ මුලින්ම මේ සසර දුක්‌ඛිත බව, බියකරු බව, විශම බව දකින්න ඕනේ කියලා. මෙම අත්දැකීම්වල ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන ලෝකයෙන් මිදෙන්න ඔබත් වීරිය වඩන්න. නිරතුරුව ඔබ මොන පිංකම් සිදුකළත් මොන ශීලයක් ආරක්‍ෂා කළත් අතහැරීම පුරුදු කරන්න. තමාගේ අඹුදරුවන්, ගේ දොර, ඉඩකඩම්, ව්‍යාපාර, යානවාහන, තමාගේ නිදන කාමරය, සයනය පවා මගේ කර නොගන්න. ඒවා පරිහරණය කරන්න. භුක්‌ති විඳින්න. ඔබේ සැප උදෙසාද, අන්‍යයන්ගේ සැප සතුට උදෙසාද, ශාසනය උදෙසාද යොදවන්න. ඔබද සතුටුවෙන ගමන් ඒවා අනිත්‍ය බවත් මගේ අච්චී සීයා, මගේ අම්මා තාත්තා මේ සියල්ල දමලයි, තියලයි මියගියේ. කිසිවක් රැගෙන ගියේ නැහැ. මම ද මේ කිසිවක් අරගෙන යන්නේ නැහැ කියලා, ඉහත දේවල් වලට ඇති බැඳීම අල්ලාගැනීම අතහැර ඒවා භුක්‌ති විඳීමට පුරුදුවෙන්න. ඔබ ඒවා මගේ කර අල්ලාගත්තා යනු, තෘෂ්ණාවෙන් බැඳුනා යනු, අතහැරගැනීමට බැරි වූවාය යනු අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔබේ කරගැනීමකි.
අවාසනාවන්ත උපතක් නැවත ඔබ ඔබේ කරගන්න එපා.