අවුරුදු 120ක් වැඩසිටීමට හැකියාව තිබූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී පිරිණිවන් පෑවේ ඇයි?

පිංවත් ඔබ භික්‍ෂුවගෙන් ප්‍රශ්ණයක්‌ විමසන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූවේදී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තිය දුර්වල නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 80දී පිරිනිවීයන්නේ උන්වහන්සේ සතු ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ දුර්වලතාවයක්‌ නිසානොව උන්වහන්සේ බෝධිසත්ව අවධියේදී පිරූ ශීලපාරමිතාවේ, දානපාරමිතාවේ ශක්‌තියට වඩා අල්පායුෂයන්ට අදාළ අකුසල් සංස්‌කාර, බෝධිසත්ව ජීවිතය තුළින් සිදුවී තිබෙනවාය කියන කාරණයයි ධර්මානුකූලව අපිට දකින්න සිද්ධවෙන්නේ. කෙනෙකුගේ…

Read More

කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ.

මහා කාරුණික දස බලධාරි වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධශාසනය නිසාවෙන් විමුක්තිය ලද සුවිශේෂි පිරිසක් වූයේ කාන්තාවන්ය. එදා බ්‍රාහ්මණ සමාජය තුළ, තිරිසන්ගත සතකුටත් වඩා පහත් ලෙස සලකමින් ගර්හාවට ලක් වූ කාන්තාවට නිදහස උදාකරදීම සඳහා පුරෝගාමී වූයේ භාග්‍යවතුන් වහන්සේය. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසී ජාති,ජරා, ව්‍යාධි, මරණ ,සසර දුක්ඛයන්ගෙන් මිදී…

Read More

මනුලොව උතුම් දායාදය.

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර…

Read More

දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයට ඇලුම් කිරීමේ හේතුව.

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛ ස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන…

Read More

පෘතග්ජන භූමිය ඉක්මවා යෑම.

සම්මා දිට්ඨි සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ සැරියුත් හිමියෝ තමන් සමඟින් සිටි ස්වාමින් වහන්සේගෙන් මෙසේ විමසීමක් කළහ. ඇවැත්නි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය යනුවෙන් පවසනවා. කොපමණකින් නම් සම්මා දිට්ඨිකයෙක් වෙනවාද? ඔහුගේ ධර්මය පිළිබඳ දෘෂ්ඨිය සෘජු වූයේවේද, ධර්මයෙහි කරුණු දැන පැහැදුණේ වේද, මේ…

Read More

සීලය මෙනෙහි කිරීමෙන් කුසල් රැස්කර ගන්නා ක්‍රමය.

(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. (2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව…

Read More

අකුසල් නිසා විකෘති වන සමාජ ධර්මතාවයන්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවාය කියලා. රූපයේ ආශ්වාදය කියලා කියන්නේ සුන්දර නවයොවුන් තාරුණ්‍යයට. ඒ නවයොවුන් තාරුණ්‍යයේ රිද්මයට, ලාලිත්‍යයට, ආලෝකමත් සමට, මෙලෙක් මසට, කොටින්ම කඩවසම් මායාකාරී පෙනුමට. මේ සියල්ල අයිති රූපයේ ආශ්වාදයට. මෙය සටහන් තබන භික්ෂුව ඉදිරියටත්, රූපයේ ආශ්වාදයෙන් මොනවාට තිරිහන් වූ සුන්දර තරුණ, තරුණියන් එනවා. භික්ෂුව ඒ යෞවනයේ සුන්දරත්වය තුළින් දකින්නේ ධර්මයක්….

Read More

වෙසක් සදේ සිරිය මැදින් කළු වලාවේ යථාර්ථයත් දකී නම්.!

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්ත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට, දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල තම පිරිනිවීමත් උතුම් මමගල්‍යයක් බවට ම පත්කොට ගත් දවස. ලොව්තුරා…

Read More

දෙලොව සනසන යහපත් වචනය.

” යහපත් වචනය හෙවත් සම්මා වාචා යනු මුසාවාදයෙන් පිසුණාවාචයෙන්, පරුෂාවාචයෙන්, සම්පප්ප්‍රලාපයෙන් වෙන්වීම වේ. සම්මා සංකප්ප සමඟ සතර වැදෑරුම් වාග් දුෂ්චරිතයෙන් සහමුලින්ම වැළකීම සම්මා වාචා යනුවෙන් දහම තුළ විග්‍රහ කර ඇත. ” _කායේන සංවරෝ සාධු_ _සාධු වාචාය සංවරෝ_ _මනසා සංවරෝ සාධු_ _සාධු සබ්බත්ථ සංවරෝ_ බුදුදහමෙහි සඳහන් වන අවසාන මාර්ගඵලය නිවනයි. මේ ලෝකයේ සියලු සත්ත්වයෝ ඉපදෙමින්, මැරෙමින්…

Read More

ආයතන හයක මරණානුස්සතිය නුවණුන් දකින්න.

රූපය. පිංවත් ඔබ සමාජය දෙසට මොහොතක්‌ හැරී බලන්න. මනුෂ්‍යයාගේ මමත්වයේ දැඩිභාවය නිසා මමය කියලා ගන්නාවූ දැඩි දෘෂ්ඨිය නිසා මනුෂ්‍යයා නිරතුරුවම මොනතරම් අකුසල් මූලයන් ඇතිකොට ගන්නවාද. පිංකමක්‌ සිදුකළත්, දානයක්‌ පූජාකළත්, සිල් සමාදන් වුණත්, භාවනාවක්‌ කළත් මේ සෑම ක්‍රියාවක්‌ම මමත්වයේ දැඩිභාවයෙන් ගැනීම නිසාම සමාජය නැවත නැවත අකුසල් මූලයන්ම සකස්‌කොට ගන්නවා. ශීලය තුළ මම සිටිනාවය කියලා දකිනවා. මා…

Read More