ජිවිතය වර්තමානය තුළ නවතාගන්න.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට අවවාද කරනවා, ලද දෙයින් සතුටු වෙන්නය කියලා. නොලද දෙය ගැන පසුතැවෙන්න එපාය කියලා. භික්ෂූන් වහන්සේ වන අපි අපේ ලැබීමත්, අපේ නොලැබීමත් යන කාරණාවන් දෙකම උපයෝගීකොටගත යුත්තේ, විතර්කයන්ගෙන් තොර සමාධිමත් සිතක් උදෙසාම ය. ලැබීමෙන් මාන්නයට පත් වී, නොලැබීමෙන් හීනමානයට පත්වී, අපි අපේ ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් වැඩිකොට ගතහොත්, අපෙන් ඈතට…

Read More

නිදහස් පරිසරය.

මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ…

Read More

මේ ශාසනයේ අවසාන බැබලීමයී.

මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්‌. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස්‌ ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක්‌ කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක්‌ ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්‌ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ…

Read More

මේ බුද්ධ කියන වචනේ මහා ආනුභාව ඇති වචනයක්.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, රජගහණුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ, වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ, එක්තරා වීදියක බෞද්ධ ළමයෙකුත්, බෞද්ධ නොවන අබෞද්ධ ළමයෙකුත් බොහොම හිතවත්ව සෙල්ලම් කරනවා. දෙන්නගෙම ගෙවල් දෙක තියෙන්නේ මූණට මූණ එකම පාරක් අයිනේ. මේ දරුවෝ දෙන්නා අතරින් බෞද්ධ දරුවා කැට ගහන ක්‍රීඩාව කරන වෙලාවේ නමෝ බුද්ධස්ස කියන වචනය කියලා කැට ගහනවා. ඒ ළමයා දිනනවා. අනික්…

Read More

ප්‍රශ්නය : – ගරු ස්වාමීන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යද..?

පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ දී කාරණා තුනකින් ඔබ පරිපූර්ණ නම් චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලයි. මොනවද ඒ කාරණා තුන….? ■ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ■ දෙවන කාරණය තමයි වීර්යය. ■ තුන්වන කාරණය හිරිඔතප්. මේ කාරණා තුනෙන් මහත්තයා පරිපූර්ණ නම් මහත්තයාට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ…

Read More

සැබෑ මිතුරා හඳුනා ගැනීම.

පිංවත, වර්තමාන පංචඋපාදානස්කන්ධ ලෝකයේ ”ස්වභාව ධර්මය’’ හොඳටෝ ම කිපිලා. ස්වභාව ධර්මය කිපීමෙන් කැළඹුන ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ගංවතුරක් සේ පිංවත් මනුෂ්‍ය සන්තාන තුළින් දෝරෙ ගලාගෙන යනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසි දැන් දැන් අකාලයේත් වහිනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසිවලට හසු වී ශීලයේ සුදු සිල්රෙදි කිලිටි වී යන්නේ, හරිම අවාසනාවන්ත විදිහට. පිංවත් මනුෂ්‍ය ජීවිත තුළින් ශීලයේ සුදු…

Read More

පරාජිත මානසිකත්වයක් ඇයි?

පිංවත, අපි වැටෙන්නේ නිදා ගන්න නොවේ. යළි පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටීමටයි. පිංවත, අපිව වැට්ටුව බව ඇත්ත. දැන් ඉතින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යළි නැගී සිටින්න. පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ පූජනීය බිම්කඩක. මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, උතුම් විදර්ශනාමය ඥානයන් සහ කෘතවේදීභාවය මේ…

Read More

නොමිලේ පින් කරගන්න අවස්ථාව ලැබිලත්, සල්ලි වියදම් කරගෙන පව් කර ගන්න ගොඩක් අය කැමතී.

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත. ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තෙ තැබුවත්, ඔබ ගසින් බසින්න දක්ෂ වෙන්න ඕන…

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

දුක සහ සතුට යන අන්ත දෙකෙන් ම නිදහස් වන්න.

පින්වත, 2026 වසර උදා වුණා නේද? පින්වත් ඔබ උදා වූ නව වසර පංච නීවරණයන්ගෙන් ද, එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගයන්ගෙන් ද පිළිගත්තේ? පින්වත, ඔබ උදා වූ නව වසර කාමච්ඡන්දයන් ආදි වූ පංච නීවරණයන්ගෙන් පිළිගත්තා නම්, අධර්මයෝ අධර්මයන් මයි ධර්මානුකූලව වඩවලා දෙන්නේ. පින්වත, ඔබ ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සතිය, සිහිය මුල්කොට ගත්,…

Read More