ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්‌වභාව ධර්මය බුද්ධාගමයි.

තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට…

Read More

තමා තමාවම රවට්ටගන්නවා.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන…

Read More

සාංඝික දානය.

*දානය* සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. *සාංඝික දාන සත* 1.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද…

Read More

පොඩි හාමුදුරුවන්ට අස්ථාවර අනාගතයක්.

ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්‌. මෙම ක්‍රියාව දැන් හුඟක්‌ ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 14.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක්‌ සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලය,…

Read More

ආදරය නිසා ද්වේශය සකස් වී තම සුන්දර පාසල් ජිවිතය නිරයේ ගිනිජාලාවක් මතට පත්කොට ගත් අවාසනාවන්තියකගේ කථාවක්.

මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක්‌ නැහැ. රූපය කියන්නේ ඇස්‌ බැන්දුමක්‌. රූපය තිබෙන්නේ විඳීමට නොවේ….

Read More

පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…

Read More

උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?

භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්‍ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…

Read More

උපන් දිනය දවසේ මුලින්ම හිතන්න ඇයි මම ඉපදුණේ කියලා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්‍යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…

Read More

පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමයද මේ කය?

කායානුපස්‌සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස්‌ 32 ක්‌ කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස්‌ හතරකට සරලකොට ගන්නවා. ශරීරයේ තද ස්‌වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්‌වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු…

Read More