නිරෝධ සත්‍යාගේ ස්වභාව සතර.
“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය. නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය. නිස්සරණට්ඨය එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණය නො ලැබුවා…