භික්ෂුව සමාජයට ආදරයක් නැති ද?

අවංකවම ආදරය කියන්නේ බොරුවක්‌. ප්‍රෝඩාවක්‌. බෝධිසත්වයන්ගේ ආදරය මීට අදාළ නැහැ. එම බෝසත් ආදරය, දස පාරමී ධර්මයන්ගෙන් පෝෂණය වුණ ආදරයක්‌. ඉන් මෙහා ආදරය කියන්නේ බොරුවක්‌, ප්‍රෝඩාවක්‌. මේ බොරුව ප්‍රෝඩාව ඔබ අවබෝධයෙන්ම හඳුනා ගන්න නම් ඔබ අකුසලය නිසාම කායිකව, මානසිකව, බිංදුවටම වැටෙන්න ඕනේ. එසේ නොවී ඔබ මේ ආදරය කියන අර්ථයේ තිබෙන බොරුව ඔබ හඳුනා ගන්නේ නැහැ. මාරයා…

Read More

අනාත්ම ධර්මතාවයක් බව.

පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්‌කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌…

Read More

බිඳුණ සිල් පදයක්, සිදුවුණා වූ අකුසලයක් නිතර නිතර සිහිපත් වෙනවා ද?

එය දුර්වල කර ගන්න දරුවෝ හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරල දාන්න. වයෝවෘද්ධ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා මට කිව්වා “ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපි අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලයේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. දැන් අපිට මේක හරිම පීඩනයක්” කියලා. මම…

Read More

සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න.

පිංවත, අපි ඉපදුන මවුබිමට අපි හැමෝම ආදරය කරන්න ඕනේ. අපි හැමෝම උපන් මවුබිමට ගරු කරන්න ඕනේ. අපි ඇයව මවු සෙනෙහසින් පෝෂණය කරන්න ඕනේ. යම් පිංවතෙකුගේ උපන් බිම කියන්නේ අහම්බයක් නොවේ, හේතුඵල ධර්මයක්. සිදුහත් කුමාරයා දඹදිව කිඹුල්වත් නුවර උපදින්නේ හේතුඵල ධර්මයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, කිඹුල්වත් නුවර දෙසින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. පිංවත,…

Read More

ඇලෙන, ගැටෙන ලෝකය ගලවා දමන්න.

පින්වත, පරිසරයේ තෙතමනය, අව්කාෂ්ටකයෙන් වියළී ගිය උණුසුම් පෙබරවාරියේ ආදරය ගැන කතා කරනවා හුඟාක් වැඩියි. පින්වත, වියළි කාෂ්ටක පරිසරය ආදරයට වඩා කැමැත්ත දක්වන්නේ රාගයට සහ ද්වේශයටයි. පින්වත, පරිසරයේ කාෂ්ටක වියළිභාවය යැයි කියන්නේ සතර මහා ධාතුවේ කුපිතභාවයක්. පරිසරයේ ආපෝ ධාතුව විපක්‍ෂයට දමලා, මේ දවස්වල තේජෝ ධාතුව රජ වෙලා. පින්වත, ආපෝ ධාතුව ගංවතුරෙන් ජනතාවට පහර දෙද්දී, තේජෝ ධාතුව…

Read More

උපාදානය.

“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං” කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ. ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක…

Read More

මිනිසා හඳුනා ගනිමු..

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි….

Read More

ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.

‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක්‌ සිදු වන බවට බියක්‌ පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක්‌ මතක්‌ කළා. සත්වයන් රැස්‌ කොට ගන්නා අකුසල් සංස්‌කාරයක්‌ හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…

Read More

වේදනාස්කන්ධය.

සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර‍, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි…

Read More

සක්කාය දිට්ඨියට මොන පන්ති භේදයක් ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ්‍රවයන් ප්‍රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාස්‍රව සූත්‍රයේ දී දේශනා කොට තිබෙනවා. සබ්බාස්‍රව සූත්‍රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසා ම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළ ම දෝලනය වන සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්‍ය සන්තාන වල අතු රිකිලි දමා වැඩෙන…

Read More