ශීලයේ පලුදු බුද්ධානුස්සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න.

බුද්ධානුස්සතිය. පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක්‌ වඩන්නට ඇතිද? දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල්…

Read More

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේක බලය, දියුණු කරගත්තෝ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය….

Read More

තිසරණයෙන් ඇති පිහිට.

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද…

Read More

දුක සැප පෙරළෙන සංස්කාර.

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම…

Read More

බුද්ධානුස්මෘති භාවනාව

(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.) බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු – රුව…

Read More

හිස් කරපු ජීවිතයක් – අපරාජිත චරිතයක්.

භික්‍ෂුව ඉපදුනේ 1962 දෙසැම්බර් මස 21 වැනි සිකුරාදා රාත්‍රී 10.07 ට. ලග්නය සිංහ. නවාංශකය මේෂ. භික්‍ෂුවට උපන්දිනයට අදාළ ඉහත දත්තයන් තවමත් මතකයේ තිබෙන්නේ, ගිහිකාලයේදී මනාලියන්ට හඳහන් පිටපත් ලියලයි. භික්‍ෂුවට උපන් වෙලාව, නැකත, දවස තවමත් මතකයේ තිබෙන්න තරම් ගිහිකාලයේ මනාලියන්ට හඳහන් පිටපත් ලියලත්, විවාහයක්‌ සිදුනොවුණේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසාමයි. නමුත් භික්‍ෂුව දක්‍ෂ වුණා එම අකුසල්…

Read More

මරණය එනතුරු නොසිට මරණය දකින්න.

පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී…

Read More

වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජිවිතය භුක්ති විඳින්න.

වේදනානුපස්සනාව – 02. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කර ගන්නට ඇතිද..? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක්‌ වේදනාවන් ඇති කරගන්න ඇතිද..?…

Read More

සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු.

පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, තෙල් පෝලිම්වල රස්තියාදුවෙලාම, අනුන් කෙරෙහි ද්වේශයත්, තමන් කෙරෙහි ව්‍යාපාදයත්, දැන් හොඳටෝම වැඩිය කියලා. මේ සවස්වල තෙල් පෝලිමක් අසලින් වාහනයක ගමන් කරද්දී, පෝලිමේ සිටින පිංවතුන් හරිම නූරුස්සනා ස්වභාවයකින් සංඝයා දෙසත් බලන්නේ. එම පිංවතුන්ලා සිතනවා සංඝයා වාහනවල යනවා, තමන් පෝලිම්වල දුක්විඳිනවාය කියලා. පිංවත, සංඝයා වඩින වාහනවල අයිතිකරුවනුත් පෝලිම්වල රස්තියාදුවෙලයි තමන්ගේ වාහනවලට…

Read More

ජීවිතයත් මරණයත් අතර ඇති කෙටිභාවය දකින්න.

අහස්‌ මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක්‌ මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක්‌ ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට…

Read More