මනුෂ්‍යාගේ උපත සහ මරණය අතර කාල පරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්වලින්.

පිංවත් ඔබ දිනය නිමාකරලා, නිදි පැදුරට වැටුනට පස්සේ, නින්ද පැමිණෙන තුරාවට, පසුදවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම් කරනවා. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා, විඳින හැටි අයිති කොට ගන්නා හැටි, මනසින් චිත‍්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත‍්‍රී කාලයම ජිවිතය නැමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා….

Read More

ඔබට තේරෙන භාෂාවෙන් කුණුපයන් කියවන්න.

කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින් හුස්‌මගන්නය කියලයි. මුළු කයටම හොඳින් දැනෙන විදිහට, තේරෙන විදිහට හුස්‌ම ගන්න, පිටකරන්න කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග භාවය, කෙටි භාවය දකිමින් හුස්‌ම ගන්නය කියලා. ක්‍රමානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වන විට, එම සැහැල්ලුවන බව දකිමින්, හුස්‌ම ගන්නය කියලා. තවමත් ඔබ හුස්‌මට අදාළවයි කායානුපස්‌සනාවට මුල…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්.

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා, මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා, අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා, ඒ නිසා…

Read More

ශ්‍රෝතාපන්න පුද්ගලයා.

“තිණ්ණං සංයෝජනානං පහාණාය පටිපන්නො පුද්ගලො සොතාපත්තිඵලසච්ජිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයෝජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,” (පුද්ගලපඤ්ඤන්ති) “සංයෝජන තුනක් ප්‍රහාණය කීරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතපත්තිඵලය සාක්ෂාත් කිරිම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී – විචිකිච්ඡා – සීලබ්බතපරාමාස…

Read More

පින්වත් ඔබගේ යුගදිවිය කඳුළු කථාවක් නම්…

වර්තමාන සමාජයේ සමහරක් පින්වතියන් සමාජයෙන් ලැබෙන වැරදි ආදර්ශයන් හේතුවෙන් ධර්මානුකූලව කර්මය කර්මඵල විශ්වාසයේ ඇති දුර්වලතාවය හේතුවෙන් නිරතුරුවම, තම ස්වාමිපුරුෂයත් සමග ගැටෙන දිශාවන්ට ස්වාමිපුරුෂයන් ප්‍රතික්ෂේප කරන දිශාවන්ට ගමන් කරනවා. ඔබට ලැබුණ ස්වාමීපුරුෂයා, අකීකරු කෙනෙක් නම්, ඔබට ලැබුණ ස්වාමිපුරුෂයා ආදරය නොහඳුනන කෙනෙක් නම්, එය ස්වාමිපුරුෂයාගේ වරදක් නොවේ. පින්වත් බිරිඳගේම අතීත අකුසල් විපාකයන් බව තේරුම්ගත යුතුයි, අපේ වරදට,…

Read More

දිව්‍ය ලෝකෙ සැපයි. ඒත්?

අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව…

Read More

ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට…

මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස්‌ කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක්‌ මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක්‌ නිතරම වැලි මළුවට එනවා. හරක්‌ කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර…

Read More

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ…

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ, කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්‌…

Read More

කුසගින්නද ආශිර්වාදයකි.

නිවන් මඟ වඩනා භික්‍ෂුවක්‌ වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්‌, දෙකක්‌, තුනක්‌ ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක්‌ ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද,…

Read More