පාරිසරික හේතූන් හේතුඵල ධර්මයන්ට ගළපා දකින්න.

පින්වත, උපත යම් තැනක ද එතැන මරණය තිබෙනවා. උපත සතුටින් පිළිගන්න අපි, මරණය ඉදිරියේ දුකට, ශෝකයට පත් වෙනවා. ඉපදුණේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා හිතන්නට අපිට තවම චිත්ත විශුද්ධියක් නැහැ. චිත්ත විශුද්ධිය තවමත් අපේ දුර්වල වන්නේ සීල විශුද්ධියක් ගැන අපි තවමත් සිතලා නැති නිසාමයි. පින්වත, මේ කොයි දෙය ගැන සිතන්නත් අපිට සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ ගැන…

Read More

    අංගුලිමාල පිරිත.

    • මේ අංගුලිමාල පිරිත මහානුභාවසම්පන්න පිරිතකි. “මහ පිරිත” කියනුයේද මෙයටය. මෙය ගර්භනීන් සුවපත් කිරීමට ඇති පිරිතක්ම නොවේ. මෙයින් සියළුම උවදුරු දුරු කළ හැකිය. “ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චිපරිස්සයං න මද්දති මහාපරිත්තං නාමෙතං” යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේ ය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකි වනු ඇත. පැන්වලට, තෙල්වලට, නූල්වලට පිරිත්…

    Read More

    උදේනි රජතුමාගේ මාගන්දියා බිසව.

    උදේනි රජතුමාගේ මාගන්දියා බිසව ද්වේෂය නිසාම උදේනි රජුගේම සාමාවති බිසව ඇතුළු පරිවාර කාන්තාවන් පන්සියයක් දෙනාව සාමාවති බිසවගේ මාළිඟාවට ගිනි තබා මරා දැම්මා. මාගන්දියා බිසවගේ ද්වේශ සිතුවිල්ලට තෙරුවන් සරණ පිහිටිය පන්සියයක් කාන්තාවන් අඟුරු බවට පත් වුණා. ඒ අඟුරු තුළින් මාගන්දියා බිසවගේ ද්වේශ ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප‍්‍රකාශ කරනවා ඊයේ රාත‍්‍රියේ උදේනි රජුගේ සාමාවති…

    Read More

    ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොම ද?

    ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින්…

    Read More

    අවසන් බුදුවදනේ පවා විහිදුනේ ඒ මහා කරුණා ගුණයයී.

    බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක්‌ වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස…

    Read More

    නව අරහාදී බුදුගුණ – බුද්ධො බුදු ගුණය

    “බුද්ධො” යන පදයේ මුලින්ම දත යුතු දෑ නොවිමසා බුද්ධත්වය තුළ ඇති දෑ සෙවීමටත්, සම්බුද්ධත්වය තුළ ඇති දැ සෙවීමටත්, මේ දෙකේ විවිධත්වය සෙවීමටත් යුහුසුළු වෙති. ඒ නොමැනවි. අපි මුලින්ම සිතෙහි සන්සුන් බව ඇති කරගෙන “බුද්ධො” යන මුල් පදය දැන ගනිමු. “බුද්ධො” යන පදය සෑදෙන්නේ “ බුධ” ධාතුව මුල්වීමෙනි. පාළි භාෂාවේ “බුධ” ධාතු දෙකක් තිබේ. එකක් දිවාදි…

    Read More

    පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

    අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…

    Read More

    අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.

    පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත්…

    Read More

    අරහං බුදුගුණය.

    අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කරුණා සාගරයකි. ප්‍රඥා සාගරයකි. ගුණ සාගරයකි. උන්වහන්සේගේ බුදුගුණ අසීමිත යි. එක් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් උන්වහන්සේලාගේ ගුණ කල්පයක් පුරාවට වදාළත් කල්පය අවසන් වුවත් බුදුගුණ කියා අවසන් කළ නොහැකි බව ධර්මයේ සඳහන් වෙනවා. මහ සාගරයට වඩා විශාල, අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම…

    Read More

    උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?

    භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්‍ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…

    Read More