තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ධර්ම මාර්ගය කෙරෙහි වීර්යය මෝදු කොටගන්න.

ඒ අයෝමය චරිතය පුරා බලනකොට කල්ප ගණනාවක් පිරූ පාරමීධර්මයන්ගේ ඵලය ප්‍රඥාව හැටියට ජිවිතයට එකතුකොටගත් ආදර්ශයමයි අපිට වැදගත් වෙන්නේ. මේ පාරමී ශක්තියේ ඵලය තුළින් තමයි මහාසීහනාද සුත්‍රයේ දේශනාකරන බුදුරජාණන්වහන්සේ ලෝකයාට සිංහනාද කරන තථාගත බලයන් සකස්වෙන්නේ. බුදුරජාණන්වහන්සේ සතුවු උතුම් ඤාණයන් ගැන නුවණින් මෙනෙහි කරන්න. සත්වයාගේ අතීත අනාගත වර්තමාන කර්මයන් දැකීමේ ඥානය, සත්වයාගේ පෙර ජිවිතය දැකීමේ පුර්වේනිවාසානුස්සති ඥානය,…

Read More

උපාලී මහ රහතන් වහන්සේ.

‘‘පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නේ. අලූතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිලා තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබළනවා ගිනි සිළු වගේ. මහාවීර මුනි`දාණනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! එ් ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තට ම සුවඳ හමනවා. දැන් එ් ගස්, කොළ අතහැරියා. ඔය සූදානමින් ඉන්නේ ගෙඩි පිළිගන්ට. මහාවීර…

Read More

පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න.

පින්වත වැස්ස නැති නිසාම පින්වත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලා ගන්න සූදානම්ව සිටිය දී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. පින්වත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවා ද? ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පින්වත සංස්කාර…

Read More

බොරුව කෙරෙහි වෛර කර කිසිදිනක සත්‍යය දිනවිය නොහැක.

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමතියි. භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මොහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා “අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා” කියල. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්‍රකාශ කළේ, “එසේම වේවා මෑණියෝ” කියල. භික්‍ෂුව එහෙම ප්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…

Read More

වැරදි උපදේශයන් ඔබව වැරැද්දටමයි යොමු කරන්නෙ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දවස, කොසොල් රජතුමා මඟුල් ඇතුපිට නැගී නගර සංචාරය කරන කොට, නිවසක සිටි රූමත් කාන්තාවක් දැකීමෙන් කාමච්ඡන්දයන් ඇතිවුනා. ඇය දුටු මොහොතේ පටන් ඇයව අයිති කොට ගැනීමේ උපක්‍රමයක් ගැනමයි රජු සිතුවේ. ඇයගේ ස්වාමිපුරුෂයා මරා දමා ඇය අයිති කොට ගැනීමට රජු උපායක් යෙදුවත් ස්වාමිපුරුෂයා මරා දැමීමේ උත්සාහයන් ව්‍යාර්ථ වී ගියා. මේ රූමත් කාන්තාව ගැන සිතීම…

Read More

‘ඔබ වහන්සේ රහත් වෙලා ද?’ කියලා එක භික්ෂුවක් ඇහුවා.

මේ දවස්‌වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්‌ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්‌තිමත් කරනවා. නමුත් බලාපොරොත්තු නැති හිස්‌ ජීවිතයක්‌ භික්‍ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්‌බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා භික්‍ෂුවට ඇවිත් කියනවා ‘දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන්…

Read More

මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසා.

පිංවත කරුණාකර ඔබේ සිහිනුවණට නිදිගන්න ඉඩ දෙන්න එපා, ඔබේ සිහිනුවණ අවදියෙන් තබා ගන්න. ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්දේසියේ දමන කාලයයි. පිංවත ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ තණ්හා, රතී, රඟා මාර දූතියෝ, මාර දූතයෝ මනුෂ්‍යත්වයේ වෙස් දරාගෙන අමනුෂ්‍ය ධර්මයන්ට ඉදිරි පස් වසරක් උදෙසා වර්ණය, සැපය, බලය සොයන කාලයයි. පිංවත තෘෂ්ණාවේ මාර දූතයෝ…

Read More

සුන්දරයී කියන්නෙ, අනිත්‍යයි කියන නිසාමයි. හැම දේම වෙනස් වෙන නිසාමයී.

ඇතැම් අය හිතනව මෙතනින් ජීවිතය නතර වෙනව කියල. මැරිල වැළලුවට පස්‌සෙ ආයෙත් පැවැත්මක්‌ නෑ කියල. නමුත් ශ්‍රද්ධාව සකස්‌ කරගත්ත කෙනෙක්‌ එහෙම දකින්නෙ නෑ. හේතුඵල දහම අනුව නැවත අපි ඉපදීමක්‌ ගැන විශ්වාස කරනව. එහෙම විශ්වාසයෙන් දකින අපිට ඕන නිරෝධයක්‌ මිසක්‌ තාවකාලික විසඳුම් නෙමේ. බුදුරජාණන් වහන්සෙ අපි අපු මේ සංසාර ගමනෙ දීර්ඝ භාවය ගැන හොඳ උදාහරණයකින් පැහැදිලි…

Read More

ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය.

ධම්මානුපස්‌සනාව. චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ…

Read More

සාංඝික දානය.

*දානය* සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. *සාංඝික දාන සත* 1.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද…

Read More