සසර කතරින් එතෙර වන්නට…

සංසාරය වනාහී අති දීර්ඝය. ස්කන්ධ-ධාතු-ආයතනයන්හි පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය ලෙස හැඳින්වේ. තවත් ආකාරයකින් කිවහොත් සත්වයන්ගේ ඉපදෙමින්, මැරෙමින්, නැවත ඉපදෙමින්, නැවත මැරෙමින් පවත්නා වූ අඛණ්ඩ භව ගමන සංසාරය නම් වේ. සංසාරයේ දීර්ඝත්වය කොතෙක්ද යත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥානයටම මිස අනෙකෙකුගේ ඥානයකින් නොදත හැක්කේය. එහි මුලක්-මැදක්-අගක් පනවන්නට නොහැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ‘අනමතග්ගොයං…

Read More

පින, පිනෙන් ම පිළිගන්න.

පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින්…

Read More

අනුන්ගේ වැරදිවලට විකල් නොවන්න.

පිංවත මනුෂ්‍ය ජීවිතවල ශීලය දුර්වලවෙත්දි, පිංවත් මනුෂ්‍ය සමාජයේ ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා යනවා. ශීලය දුර්වලව යන සමාජයක මෛත්‍රිය ගැන කතා කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට ඉහළිනුයි මෛත්‍රිය පනවලා තිබෙන්නේ. සම්මා සංකප්පයන් වැඩුණොත් තමයි ශිල්වත්භාවය අර්ථවත් වෙන්නේ. පිංවත සමාජයක ශිල්වත්භාවයට වටිනාකමක් නොලැබීමෙන් එම සමාජය බවභෝග සම්පත් දුර්වල වී, බලවත් ආර්ථික අර්බුදයන් උත්සන්න…

Read More

විඥ්ඥාණ මැජික්කරුවාගේ රූකඩයක් නොවන්න.

පිංවත ඔබේ බලාපොරොත්තු බිඳවැටුණාය කියලා, ඔබ උපන් මාතෘභූමිය අතහැරදමා විදේශගත වෙන්න තීරණය කරන්න එපා. මම උපන් මාභූමිය නරකයි, අහවල් රටවල් හොඳයි යැයි කියන මිත්‍යාව මත ජීවත්වෙන්නත් එපා. පිංවත් ඔබ සිහිනුවණින් දකින්න, ඔබ උපන් පිංවන්ත මාතෘභූමිය, ඔබටම එපාවෙන්න ඔබ විසින්ම සිදුකොටගත් අතීත අකුසල් මොනවාද කියලා. මෙය සටහන් තබන් භික්ෂුවට නම් තවමත් උපන්බිම එපාවෙලා නැහැ. මනුෂ්‍යයකුගේ උපන්…

Read More

සහස්සී, දසසහස්සී ලෝක ධාතුවල වෙසෙන ජිවීන් සම්‍යදෘෂ්ටික ද?

ප්‍රශ්නය :- ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්‍යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්‍රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්‍රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ…

Read More

සිල් සමාදන් වීම පිළිබද දැනගත යුතු කරුණු.

දුල්ලභෝ මනුස්සත්තභාවෝ මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය…

Read More

බිඳුණ සිල්පදය විනිවිද දකින්න.

පිංවත් ගිහි පින්වතුන්ලා තේරුම් ගත යුතුයි. අතීතයේ සිදුවූ යම් සිල්පදයන්ගේ දුර්වලතාවයන් වෙතොත්, අනිත්‍ය සංඥව තුළින් එම බිඳුණ සිල්පදය විනිවිද දකින්න. එවිට ඔබ බිඳුණු සිල්පදය උපයෝගී කොටගෙන සංසාර බිය අවම කරගත් දක්‍ෂයෙක්‌ වෙනවා. ඉකුත් සටහනේ සඳහන් කළා උපසම්පදා භික්‍ෂුවකට ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා. මෙතැනදී ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා පනවන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාට පමණයි. ගිහි…

Read More

මතු සංසාරේ ඔබේ මළකඳන් නුවණින් දැක්කොත් දස්කමකි.

සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්‌ම කමටහනක්‌ කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක්‌ මහපාරක ඉන්නවා දැක්‌කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්‍ෂ වෙන්න ඕනේ. තමා කොතෙක්‌ නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්‌වත් නැතිව…

Read More

ඔබේ තරුණ ලස්සන රුව කවුද රැගෙන ගියේ ?

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන…

Read More

රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ තැන, විඥ්ඥානයේ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා යනවා.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More