ලොව්තුරා බුදුරාජාණන් වහන්සගේ සරණ, පිංවත් ඔබේ ජිවිතයේ සැබෑම සරණ කොට ගන්න.
බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්‌සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන් සත්වයා සංසාරිකව විඳි දුකත්, විඳින දුකත්, අනාගතයට උරුම දුකත් බුදුරජාණන් වහන්සේ තතුසේ දකිනවා. බුදුරජාණන් වහන්සේ යමකුගේ ඇස දකිද්දී, බුදුරජාණන් වහන්සේට එම ඇස පෙනෙන්නේ මහා සාගරයක් වගේ. කන, නාසය, දිව, ශරීරය, මනස පෙනෙන්නේ මහා සාගරයක්‌සේ. ඇස කෙරෙහි…