සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.

පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…

Read More

සතිය තුළත් තෘෂ්ණාව සැඟවිලා තියෙනවා.

උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්‌තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම මළකඳක්‌ කර දකින්න. කුණුවෙන මළසිරුරක්‌ සේ දකින්න. ඇටසැකිල්ලක්‌ කර දකින්න. කිසිදු රූපයක්‌ විනිවිද දැකීමෙන් තොරව මතුව…

Read More

ඖෂධ ප්‍රත්‍යවේක්ෂාව.

ඖෂධ පරිහරණයේදිත් රෝගීභාවය අනිත්‍යභාවයට පත්වී නීරෝගීභාවයත්, නීරෝගීභාවය අනිත්‍යභාවයට පත්වී රෝගී භාවයත් ඇතිවන අයුරු නුවණින් දකිමින් ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාව සිදුකරන්න. වර්තමානයේ ඖෂධවල මිලගණන් අහනකොට, ඖෂධ මිලට ගන්නකොට නැති ආශ්‍රවයන් ඇතිවන බවක්‌ සමාජය තුළින් අසන්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් මනුෂ්‍යයාගේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නිසා හටගන්නා අකුසලයන්ගේ විපාකයක්‌ බව හඳුනාගනිමින් අකුසල් නිසා පිංවත් ඔබ නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නේ නැතිව, මෙවැනි…

Read More

ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…

Read More

සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න.

පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී…

Read More

සංස්කාර – 04.

අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ…! සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්‌කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්‌කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්‌කාරයන්ගෙන් මිදී කුසල් සංස්‌කාරයන් රැස්‌ කරගනිමින්, කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…

Read More

බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත්?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌,…

Read More

බුද්ධානුස්සති භාවනාව.

සසර දුක් නිවා නිවනින් සැනසීම පිණිස, නිවන් දැකීමට සුදුසු සිතක් සකස් කරගැනීම සඳහා ජීවිතයට භාවනාවක් එකතු කරගැනීමේ වැදගත්කම ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. ඒ අනුව අලුතින් භාවනාව පටන්ගන්නා පුද්ගලයා විසින් ඒ සඳහා ශීල සංවරයෙන් යුතුව සූදානම් විය යුතු ආකාරය ද පැහැදිලි කරන ලදී. එසේ සූදානම් වන තැනැත්තා භාවනා පූර්ව කෘත්‍යයකින් සිත භාවනා කටයුත්තට සූදානම්…

Read More

කාලය හරිම සූදුවක්.

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා. කාලය හරිම සූදුවක්… පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ…

Read More

රූපය නම් ගොදුරු බිම මගහැරීම.

භික්ෂුව, තනිරූල් පොතෙන් ගලවාගත් කොළය අතට අරගෙන, මොහොතක් කල්පනා කළේ, කුමක් ගැනද අද ලියන්නේ කියලා. රූපය ගැන ලියනවාද, වේදනාව ගැන ලියනවාද, සංඥාව ගැන ලියනවාද, සංස්කාර ගැන ලියනවාද, විඤ්ඤාණය ගැන ලියනවාද කියලා. බුදුරජාණන් වහන්සේ පංචඋපාදානස්කන්ධ ලෝකය වශයෙන් හඳුන්වන්නේ ඉහත කාරණා පහයි. ඉහත කාරණා පහෙන් කුමන කාරණාවක් තෝරාගෙන, ඒ ගැන සටහන් තැබුවත්, ඒ සෑම කාරණයක් තුළම විඤ්ඤාණය…

Read More