ඔබ සැබවින්ම ධර්මානුකූල බෞද්ධ පින්වතෙක් ද?

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය…

Read More

අතින් අල්ලන් අපායේ ගිල්වන මිතුරුකමද? කෙස් වැටියෙන් ගෙන දහමේ ඔබන මිතුරුකමද?

වර්තමාන සමාජයේ පින්වතුන්ලා හුඟ දෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත්, සද්ධර්මය ශ්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරල ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බර වෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියල ධර්මයේ සඳහන් වෙනවා. වෙලාව රාත්‍රී අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ…

Read More

මාපිය උපස්ථානයේ අනුසස්.

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි…

Read More

වස්තු විනාශයේ හේතු සය.

“සුරාමේරය මජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත, භොගානං අපාය මුඛං, විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපාය මුඛං, සමජ්ජාභිචරණං භොගානා අපාය මුඛං, ජුත පමාදට්ඨානානුයොගො භොගානං අපාය මුඛං, පාපමිත්තානුයොගො භොගානං අපාය මුඛං, ආලස්සානුයොගො භොගානං අපාය මුඛං. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යාට දේශයනය කරන ලද්දකි. එහි තේරුම මෙසේ ය. ගෘහපති පුත්‍ර‍ය, මදයට ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙහි නැවත නැවත යෙදීම වස්තු…

Read More

ලෝකයේ ස්‌වභාවයෙන් ලෝකය තිබුණාදෙන්, පිංවත් ඔබ ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න.

දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්නට පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක්‌ උදෙසාමයි කියලා. ඔබට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මය ඇසෙන්නේ, හේතුවක්‌ නිසාමයි කියලා. කුසලයෙන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්‌තිය ඇතිකොට දෙනවා. දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක්‌ නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලයි…

Read More

ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය.

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද? සාරිපුත්ත මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට…

Read More

සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.

පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…

Read More

මරණාසන්න මොහොත, උපන් මොහොතට වඩා වැදගත්.

මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත්…

Read More

මාර්ගඵල අවබෝධය පිණිස දියුණු කරගතයුතු සත්තිස් (37) බෝධිපාක්ෂික ධර්ම.

සතර සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය. වේදනානුපස්සනා සතිපට්ඨානය. චිත්තානුපස්සනා සතිපට්ඨානය. ධම්මානුපස්සනා සතිපට්ඨානය. සතර සම්මප්පධාන වීර්යය නූපන් අකුසල් නූපදවීම පිනිස කරන වීර්යය. උපන් අකුසල් දුරු කිරීම පිනිස කරන වීර්යය. නූපන් කුසල් උපදවා ගැනීම පිනිස කරන වීර්යය. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම පිනිස කරන වීර්යය. සතර ඉද්ධිපාද ඡන්ද ඉද්ධිපාදය. චිත්ත ඉද්ධිපාදය. වීර්යය ඉද්ධිපාදය. වීමන්සා ඉද්ධිපාදය. පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා…

Read More

“විශේෂ වූ දැනීම”

පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේෂවූ දැනීම කියන්නේ…

Read More