සිහින මැකී යන ලෝකය මිරිගුවකි.

සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය තව තව දලූ, අතු රිකිලි දමා වැඩෙන්න ඕනේ. එවිටයි සුවසේ විදර්ශනා අරටුව ශක්තිමත් වෙන්නේ. මේ සියල්ලම ශක්තිමත් වුණොත් තමයි, සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ…

Read More

භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කිරීම!

පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…

Read More

බාහිර රූප හේතුවෙන් අසම්මත රාග සිත් ඇතිවෙනවා.

අපි හැමෝගෙ ම ජීවිත ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන්නේ පුදුමාකාර වේගයකින්. පසුගිය කොරෝනා ඇඳිරිනීතිය සමයේදී රජයේ සහ පෞද්ගලික ඔසුසල් ඉදිරියේ පෝලිම් ගැසී සිටි පිංවතුන් දකිද්දී, වෙළෙඳපොළේ අලෙවිවන ඖෂධ, විටමින්, සනීපාරක්ෂක භාණ්ඩ, රූපලාවණ්‍ය භාණ්ඩ දෙස බැලීමේදී, අපේ ජීවිත ජරා, ව්‍යාධි, මරණයන් විසින් මොනතරම් නම් පීඩාවට පත්කොට තිබෙනවාද…? නැවතීමක්, නිමාවක්, අවසානයක් නැති ජාති, ජරා, ව්‍යාධි, මරණ උගුලක අප…

Read More

වන්දනාවක සැඟවුණු රහස.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය…

Read More

කඨින පූජාවේ සැබෑම අර්ථය ජිවිතයට එකතු කර ගන්න.

වසරකට වතාවක් එළඹෙන කඨින පිංකම ගිහි පිංවතුන්ලා සිදුකරන්නේ බොහෝම ගෞරවයෙන්. ඒ ගෞරවයේ තරමටම පිංවතුන්ලාට පින් රැුස්වෙනවා. වර්තමානයේ කඨින පිංකම බොහෝම මිල අධික පිංකමක් බවට පත්වී ගෙන යනවා. මේවා ගැන සිතීම පැත්තකින් තියලා පිංවත් ඔබ උත්සහ ගන්න ඕනේ කඨින චිවර පූජාවේ සැබෑම අර්ථය ජිවිතයට එකතුකොට ගන්න. ලෝකයටම සඟවා, අනුන්ගේ පිංකමෙන් තමා ගත හැකි උපරිම ප‍්‍රයෝජනය ලබාගැනීමට….

Read More

පළමුවන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කථා වස්තුව.

මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා; මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං. (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය….

Read More

ඔබට තේරෙන භාෂාවෙන් කුණුපයන් කියවන්න.

කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින් හුස්‌මගන්නය කියලයි. මුළු කයටම හොඳින් දැනෙන විදිහට, තේරෙන විදිහට හුස්‌ම ගන්න, පිටකරන්න කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග භාවය, කෙටි භාවය දකිමින් හුස්‌ම ගන්නය කියලා. ක්‍රමානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වන විට, එම සැහැල්ලුවන බව දකිමින්, හුස්‌ම ගන්නය කියලා. තවමත් ඔබ හුස්‌මට අදාළවයි කායානුපස්‌සනාවට මුල…

Read More

විඤ්ඤාණය – 10.

තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ. පිංවත් ඔබ…

Read More

හෙට දවසට මනුෂ්‍යත්වයෙන් පණ දෙන්න.

පිංවත, ලෝකයේ යම් රටක යහපත්, අවංක දේශපාලන ක්‍රියාකාරකම් තිබෙනවා නම්, එය එම රටේ ජනතාවගේ පිනේ ඵලයක්මයි. තම රටේ ක්‍රියාත්මක වෙන දේශපාලනය නිසා, දේශපාලන නායකයින් නිසා, පවතින පාලන ක්‍රමයන් නිසා එම රටවල ජනතාව ලබන්නේ සතුටක්මයි. හෙට දවස ගැන බලාපොරොත්තුවක්මයි. පිංවත, අපේ රටේ දේශපාලනය නම් පවෙන්ම පිරිලා. දැකලා සතුටු වෙන්න, අහලා සතුටු වෙන්න, හිතලා සතුටු වෙන්න පුංචි…

Read More

ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න.

පිංවත නිවී ගිය සිතක් තමා තුළින් ම තමා දන්නවා, තමන් නිවී ගිහින්ය කියලා. පිංවත නොනිවී ගිය සිතක් තමා තමාට ම ඉඟි කරනවා, තමා තුළ තවත් නොනිවී ගිය කෙලෙස් ගිනි රොඩු තිබෙනවාය කියලා. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් උපන් නිවැරදි විදර්ශනාත්මක සති සම්බොජ්ඣංගය අපි තුළ වැඩෙන විදර්ශනාත්මක ධර්මයේ අර්ථයන් නිවැරදිව, දශමයට, කිරා මැන දෙනවා. පිංවත මිච්ඡා…

Read More