අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා.

උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා. පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය…

Read More

ජිවිතය දුකෙන් නිදහස්.

පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා….

Read More

සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න.

පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී…

Read More

සතර ඉර්ධිපාද.

ඉර්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්. එහි ඇතුළත් දේශනා සරලව උපුටා දක්වමින් සතර…

Read More

ස්වාමීන් වහන්සේ වඩන්නා වූ ප්‍රතිපදාව කුමක්ද ?

ප්‍රශ්නය: අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස. පිළිතුර: මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කරමින්, ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ තේරුණාද? මම දන්නේ නැහැ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් වෙන්න තියෙනව ද…

Read More

චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්.

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා, මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා, අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා, ඒ නිසා…

Read More

ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

අවිද්‍යාවේ ළදරු භාවය.

මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙන්වා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂවෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වලවෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල්, දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන්, පිංවත් ඔබේ ඵස්සය…

Read More

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටෙනවා ද? එසේනම් වරද ඒ අයගේ නෙවේ.

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න. ධර්මය පිළිසරණ කොටගන්න. එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූපය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා. නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව…

Read More

උපාදානය.

“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං” කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ. ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක…

Read More