විදීමේ දොරටුව වැසී තියෙන තෙක් ජිවිතය සුන්දරයී.

මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙනවා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල් දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන් පිංවත්…

Read More

ඔබ තුළ ඇතිවුණ ඉහත ධර්මතාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්තබොජ්ඣංගයට වඩා…

Read More

ප්‍රඥාවේ පහනින් සිළෙන් රැයෙහි අඳුර දුරු කරන්න.

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවක්‌ රාත්‍රියේ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ ‘දැන් පරක්‌කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්‍රින් ලක්‍ෂ කීයක්‌ අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද? ගෙවීගිය සෑම රාත්‍රියක්‌ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්‌මයි රාත්‍රියේ අර්ථය වුණේ. දවල්…

Read More

විඥ්ඥානය නැමැති වදකයා.

තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නැමති වදකයා කළ්‍යාණ මිතුරෙක්‌සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින්ම සතුරා, වදකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ බාහිර රූපයක්‌මයි. භික්‍ෂුව ඔබට උදාහරණයක්‌ දක්‌වනවා. කෙනෙක්‌ පිංවත් ඔබට චෝදනාවක්‌ කරනවා. ඔබ ඔහුත් සමග සන්ඩුවට යනවා. අනුනගේ ක්‍රියාවක්‌ ඔබේ කර පෙන්වා ඔබව අකුලයට යොමුකළේ ඔබ තුළ සැඟවී සිටි වදකයාමයි. වදකයා නිරතුරුවම ඵස්‌සය ළඟ නැවතී ඵස්‌සය…

Read More

යෝගාශ්‍රම සංස්ථාවේ හදවත, සදානුස්මරණීය නාඋයනේ අරියධම්ම මහා සංඝනේතෘන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ‘යෝගාශ්‍රම සංස්ථාවේ හදවත’ යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා…

Read More

මෙතැන් සිට සමථ විදර්ශනාවට එන්න.

සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කළ, දර්ශනයෙන් වීර්යයෙන්, සංවරයෙන්, ප්‍රත්‍යවේක්‍ෂාවෙන්, දුරුකිරීමෙන්, මඟහැරයැමෙන් ආශ්‍රවයන් ප්‍රහානය කිරීමෙන් අනතුරුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරන්නේ. පිංවත් ඔබ ඉහත කාරණා හයෙන් පිරිසිදුභාවයට පත්වුණොත් පමණයි, ඔබ තුළ අර්ථවත් ආකාරයට, සමථ විදර්ශනාව වැඩෙන්නේ. ඉහත කාරණා හයෙන් ඔබේ කෙළෙස්‌ ධර්මයන් තුනීකොටගැනීමෙන් තොරව, පළමු අදියරේදීම සමථ විදර්ශනාව පුහුණු වීමට…

Read More

ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න.

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක‍්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප‍්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…

Read More

ඔබේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්‌මය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය නිරතුරුවම වෙනස්‌ වෙනවාය කියලා. සිතාගන්න බැරි ආකාරයට කිපෙනවාය, කැඩෙනවාය, බිඳෙනවාය, විසිරෙනවාය කියලා. සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් නිශ්චලව පැවැති මහා සාගරය යක්‍ෂාවේශයෙන් ගොඩබිමට ගලන්නා සේ සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් මේ ජීවිතයේ බෞද්ධ ඔබ ඊළඟ ජීවිතයේදී අබෞද්ධයෙක්‌ වෙන්න පුළුවන්. සංස්‌කාරයන්ගේ විපරීතභාවයෙන් විඤ්ඤාණය විපරීත ඵලයන් නිපදවනවා. ලෝකය ඔබට වූ කල, විනාශයේ විත්තිකරුවාත්…

Read More

ඔබේ ආරක්ෂකයා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්‍ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්‍රිය…

Read More

සිහි මුළා වූ මරණයක අවාසනාව.

පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින…

Read More