බලාපොරොත්තු යනු මිච්ඡා ධර්මයකි.

පින්වත, උතුම් පංචශීලයේ දෙවැනි සිල් පදය බවට පත් වෙන්නේ “අන්සතු දෙය සොරකම් කිරීමෙන් වළකිමි” කියන සිල් පදයයි. පින්වත, මේ ලෝක ධාතුවේ බලවත් ම සොරකම බවට පත් වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ දසදහස් ගණනක් පටිච්චසමුප්පන්නව තම ඇස්, මස්, හිස්, රුධිරය දන් දීමෙන්, සක්විති රජකම්, රජකම්, සිටුකම්, අඹුදරුවන් දන් දීමෙන් අවබෝධ කොට වදාළ, සම්මා සම්බුද්ධ ඥානයෙන්…

Read More

ඔබ මැරි මැරී උපදින්නේ මේ සසර බිය විශ්වාස නොකළ නිසාමය.

පහත සිද්ධිය පිංවතුනට දෙමාපියන්, දරුවන් අතර ඇති බැඳීම පිළිබඳ සංසාර බිය ඇතිකර ගැනීමට උපකාර වේවි. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනකොට, එම භික්‍ෂුවට ප්‍රේත මවක්‌, පාසල් ඇඳුමින් සැරසුණු, පොත් බෑගයක්‌ කරේ එල්ලාගත් ප්‍රේත පාසල් දරුවෙක්‌ සමග දර්ශනය වෙනවා. මේ ප්‍රේත අම්මා ප්‍රේත දරුවාගේ අතින් අල්ලාගෙන ප්‍රධාන පාසලක්‌ ඉදිරිපිට බස්‌ නැවතුමක සිටිනවා. මේ ප්‍රේත අම්මා දරුවාව පාසල් එක්‌කරගෙන…

Read More

දුවන මිනිසුන් අතර නවතින අතලොස්සට ඔබත් එකතුවෙන්න.

භික්‍ෂුව මුණගැසීමට මවුපිය දෙපළක්‌ පැමිණියා. ඒ දෙපළ දීර්ඝ කාලයක්‌ විදේශගතව ජීවත්වුණු අය. මේ දෙදෙනා කුටියට පැමිණිලා මුලින්ම භික්‍ෂුවට වන්දනා කළා. දෙවැනුව දෙදෙනාම අඬන්න පටන්ගත්තා. භික්‍ෂුව විමසුවා මොකක්‌ද ප්‍රශ්නය කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා ‘හාමුදුරුවනේ අපට ඉන්නේ එකම එක දියණියක්‌ විතරයි. එයාගෙ විවාහය උත්සවශ්‍රීයෙන් කරන්න අහවල් හෝටලයට මුදලුත් බැඳලයි තිබුණේ. ඒත් අවසන් මොහොතේ මනමාල පාර්ශ්වයෙන්…

Read More

සිංහල අලුත් අවුරුදු නොනගතය, ධර්මානුකූලව….

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ඡායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පිංවත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන, දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඔබව ශක්‌තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. ‘නොනගතය’ කියන අර්ථය…

Read More

පින්වත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින් ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩිවැඩියෙන් අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්,…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

ලස්සන විතරක් නෙවෙයි මලක සුවඳත් තියෙන්න ඕනෑ.

පිංවත, මනුෂ්‍ය ලෝකයේ යම් ප්‍රජාවක් අවුරුදු නාමයෙන් සමරන ප්‍රණීතම, අර්ථවත්ම සංස්කාරයක් වන පුණ්‍යවන්ත තවත් සිංහල අළුත් අවුරුද්දක් ගෙවී ගියා. ලෞකික ප්‍රඥාවට මුල්තැන දෙමින් ශීලයෙන්, සතියෙන්, නිරෝගීභාවයෙන් ජීවිත අළුත් කරන සිංහල අළුත් අවුරුද්ද ගෙවී ගියත්, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය තුළින් සිංහල බෞද්ධකමේ අර්ථය නම් ගෙවී යන්න ඉඩ දෙන්න එපා. සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර තුළින් උතුම් තෙරුවන්ට ගරු…

Read More

තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න.

පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්න ම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ මේල් තව ගොඩාක්…

Read More

මා පැවිද්ද ඉල්ලුවෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…

තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…

Read More

සාංඝික දාන සත.

1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන…

Read More