පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණු වීමට හේතුව.
සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ…