පතිවත රැකීමේ ආනිසංස.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක…

Read More

ධර්මයට උකටලී සිත.

පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට…

Read More

ඔබත් ඔරලෝසු කටුවක් ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා. මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය….

Read More

ශීලයේ පලුදු බුද්ධානුස්සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න.

බුද්ධානුස්සතිය. පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක්‌ වඩන්නට ඇතිද? දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල්…

Read More

මා පැවිද්ද ඉල්ලුවෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්…

තරුණ ස්‌වාමීන්වහන්සේ නමක්‌ භික්‍ෂුව මුණගැසිලා ප්‍රකාශ කළා ‘අපි කුමක්‌ද කළ යුත්තේ ‘ කියලා. ‘බොහෝම සතුටින් පැවිදිවුණා. දැන් අසරණභාවයක්‌ දැනෙනවා’ කියලා. අපි මුලින්ම සිතන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, වසර 2600ක්‌ ගිය තැනයි අපි මේ සිටින්නේ කියලා. ගෞතම බුද්ධ ශාසනය නැමැති පහන නිවීමට ආසන්න මොහොතේ ඇතිවන තියුණු ආලෝකය පසුබිමෙහි අපි සිටින්නේ. මේ ඉන්න තැන සිට ධර්මය…

Read More

ජිවිතය ගැන කතා කරද්දි දුක ඊට බැදිලා තියෙනවා…

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…

Read More

ඉන්ද්‍රිය සංවරයට ගරු කරන්න.

පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත,…

Read More

ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල වන්නේ ඇයි?

දිගින් දිගටම පැවති වැසි සහිත කාලගුණය නිසා, පරිසරයේ ගහකොළ සියල්ලක්ම රූපයේ ආශ්වාදයෙන් හොඳටෝම තිරිහන් වෙලා. ළපටි දලූ, ළපටි කොළ වලින් නැවුම් වූ පරිසරය, රූපයේ ආදීනවය ගැන පුංචි හෝ මතකයක්වත් අවධිකොට දෙන්නේ නැහැ. පලූ ගස්වල තරුණ කොළ බුදින වඳුරු රංචුව, මේ දිනවල ආහාර අහේනියක් නැති නිසාම, වෙනදාට වඩා අකීකරුභාවයෙන් කුටිය අවට කැලෑ පරිසරයේ හැසිරෙන්නේ කුටියේ වැලි…

Read More

භික්ෂුව මල් පාවඩ මතින් ගමන් කළේ ඇයී ?

ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී…

Read More

පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ගින්දරක් වශයෙන් දකින්න.

මනුෂ්‍යයාට ගොඩාක් ඵල ප‍්‍රයෝජන තිබෙන ගින්දර බොහෝම පරිස්සමෙන්, පරිහරණය කරන්න ඕනේ වගේම පින කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. ගින්දර යම් සේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍යද, පිනද මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය සාධකයකි. පරණිම්මිත වසවර්තිය කියන දිව්‍යථලය, වසවර්ති මාර පුත‍්‍රයාට අයත් දිව්‍යතලයයි. මෙම දිව්‍යතලයේ දිව්‍යසැප කොතරම්ද කියනවා නම් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු දෙදහක් එම දිව්‍යතලයට එක දවසක් කියලයි, බුදුරජාණන්…

Read More