පතිවත රැකීමේ ආනිසංස.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක…