මරණ බියෙන් තොර මරණයක් උදෙසා.

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…

Read More

අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා, ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්,…

Read More

සෑහීමකට පත්නොවන හේතුව කුමක් ද?

භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන් වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළඳපොළට ගිහිල්ලා වටිනාම, හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ…

Read More

උතුම් ධර්මයේ ආස්වාදය සහ උතුම් සංඝයා කෙරෙහි ආස්වාදය…

මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා. නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා,…

Read More

ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්.

පිංවත “ධර්මයෝ ධර්මයෝ ම වඩත්, අධර්මයෝ අධර්මයෝ ම වඩත්” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ඔබ මෛත්‍රියය වඩන්න, එවිට සමාජය තුළ මෛත්‍රියයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත ඔබ සිල්වත්භාවය ම ජීවිතවලට එතකු කොට ගන්න, එවිට සීලයේ ආනිශංස ධර්මයෝ ම සමාජය තුළ වැඩිලා යාවි. පිංවත ඔබ දානය, ත්‍යාගය ම ජීවිතයට පුහුණු කරන්න, එවිට…

Read More

තොරණින් එහා වෙසක් අදහසක්.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

පළමුවන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කථා වස්තුව.

මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා; මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං. (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය….

Read More

භික්ෂුව උතුම් සමාධියෙන් දුටු ප්‍රේත ඇමැතිවරයා.

අප මහා පීඩාවක්‌ ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ ‘ත්‍රස්‌තවාදය’ මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්‌. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්‌…

Read More

මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත් දකින්න.

දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්‌ පසුකොට බුද්ධරත්නය, ධම්මරත්නය, ලොව පහළවීමෙන් අනතුරුවයි, උතුම් සංඝරත්නය පහළවීම සිද්ධ වන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අතීත පාරමී පුරාගෙන පැමිණි, ප්‍රථම ආර්ය ශ්‍රාවකයා වන්නේ කොණ්‌ඩඤ්ඤ මහරහතන් වහන්සේයි. ප්‍රථම ආර්ය ශ්‍රාවකයා, මුලින්ම උතුම් ධර්මයේ ඇස, සෝවාන් ඵලය අවබෝධ කොටගත් මොහොතේ, සමස්‌ත දිව්‍ය, බ්‍රහ්ම තලවල දෙව්බඹුන්, සද්ධර්මයේ ඇස පහළ වුණාය කියලා සාධුකාර දුන්නා. සම්මා සම්බුද්ධ…

Read More

පුණ්ණ දුගියා සිටුවරයකු වීම.

රහතන් වහන්සේගේ අග්‍ර දක්ෂිණාර්භ භාවයට පුණ්ණ සිටුගේ කථාව නිදසුනකි. රජගහ නුවර සුමන සිටු නිසා ජිවත් වන පුණ්ණ නම් දුගියෙක් විය. ඔහුට බිරියෙක් හා උත්තරා ජිවත් නම් දුවක් ද වූහ. එක් කළෙක රජගහ වැස්සෝ නැකත් කෙළියකට සැරසුණෝ ය. එය සතියක් පවත්වන උත්සවයකි. එදා උදැසන ද පුරුදු පරිදි පුණ්ණ සිටු ගෙදරට ගියේ ය. සුමන සිටු ඔහු අමතා…

Read More