අකුසලයේ සහ පවේ උපත මිච්ඡා සතියයි.

පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි….

Read More

ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ. අද…

Read More

අප්‍රේල් 1 වන දා මාරයා ඔබව මෝඩයා කරන දිනයක් නොවන්න..

ඔබ බොරුවක් කියා යම් කිසිවකු රවටා ඔහු හෝ ඇය මෝඩයා වූ බව සිතුවත් සැබෑම මෝඩකම සිදු කරගෙන ඇත්තේ මුසාවාද ශික්ශා පදය බිඳගත් ඔබමය. අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද…

Read More

ඔබේ ආරක්ෂකයා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්‍ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්‍රිය…

Read More

උතුම් ශ්‍රී පාද ලාංචනයේ පිහිටි 108ක් මංගල කරුණු.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්‍ර…

Read More

පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක්‌ වීමේ අගයම දකින්න.

මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක්‌ සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක්‌ වීම හරිම අනතුරක්‌ නේද කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගෞරවයෙන්ම පිංවත් ඔබට කියනවා ඔබ බෞද්ධයෙක්‌ වීම මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨතම සිදුවීම කියලා. සිංහල බෞද්ධ පිංවත් ඔබ පමණක්‌මයි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නිවැරදිව දන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව දන්නේ…

Read More

ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත.

පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ…

Read More

අකුසල් යටපත් කොට විදර්ශනාවෙන් නැගී සිටීම.

පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ නිත්‍ය වූ සැපයක් කොයින්ද? පින්වත, ලෝකයට අයිති නැති, ලෝකයට බරක් නැති, සම්මා විමුක්තියේ ආර්ය උපතකට ඡන්දය ඇති කොට ගන්න. පින්වත, අවිද්‍යාවෙන් වැසුණ ලෝකයක, දිට්ඨි විශුද්ධියෙන් විවෘත කොට දෙන සම්මා දැක්මයි, ආර්ය උපතකට තිඹිරි ගෙය සූදානම් කොට දෙන්නේ. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නමැති වින්නඹුව ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි,…

Read More

සංස්කාර – 06.

පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක්‌ කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි..! වශයෙන් නුවණින්…

Read More

විවෘත වූ දහමක කුමන ප්‍රශ්න ද? කුමන පිළිතුරු ද?

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?…

Read More