උතුම් ධර්මයේ ආස්වාදය සහ උතුම් සංඝයා කෙරෙහි ආස්වාදය…

මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා. නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා,…

Read More

සංස්කාර යනු පංචඋපාදානස්කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්මය.

උතුම් සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්‌. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා සියලු ජාතිකයන්, සියලු ආගමිකයන්, රකින පෝෂණය කරන පිංවතෙක්‌. තමන් මැරෙනවාය, මැරිලා පටිච්චසමුප්පන්නව උපදිනවාය කියල හිතන්න දක්‍ෂ පුද්ගලයෙක්‌. ඔහු හැම ආගමකටම, හැම ජාතියකටම අයත් සෑම පිංවතෙක්‌ම සංසාරයේ තමන්ට අම්මා තාත්තා වෙලා තිබෙනවාය, අතීත භවයන්හිදී…

Read More

ද්වේශයේ ආශ්වාදය

පිංවත, ප්‍රණීත සහ අප්‍රණීත කියලා සංස්කාරයන් දෙවර්ගයක් තිබෙනවා. ප්‍රණීත දේවල් සහ ප්‍රණීත සිවුපසය ගිහි සහ පැවිදි අපිට ලැබෙන්නේ පෙර පින නිසාමයි. පිංවත, පෙර පිනට ප්‍රණීත දේවල් ලැබෙද්දී, අවිද්‍යාව අපිට ආශ්වාදයේ අත්තටු දෙන්න පුළුවන්. එවිට පිංවත් ඔබ ප්‍රණීතභාවය කෙරෙහි අසිහියෙන් ඉගිලෙන්න නම් යන්න එපා. ප්‍රණීතභාවයට හේතුවෙන සියළුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ නොසිතූ, නොපැතූ විදිහටයි. අපේ මාතෘභූමිය…

Read More

හේතුඵල ධර්මයෙන් ලෝකය දකින්න.

පින්වත, සම්මා වාචාවෝ යැයි කියන්නේ යහපත් වචනවලට, පින්වත, මිච්ඡා වාචාවෝ යැයි කියන්නේ අයහපත් වචනවලට. පින්වත, අපි අදහස් ප්‍රකාශ කරද්දී, බොහෝම සිහිනුවණින් අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. පින්වත, වචන භාවිතයේ දී අපි ආවේගශීලී වුණොත්, මෙතෙක් සඟවා ගෙන තිබුණ මතවාදයෝ ප්‍රකාශ වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තාක් කල් ම, එකක් සඟවාගෙන, තවත් එකක් කතා…

Read More

ආශ්වාදයට රැවැටීම නිසා ශීලය බිඳ ගැනීම.

පිංවත මේ දිනවල මාරයාගේ සංස්කාර ආදායම් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා. එයා අතිකාල දමාගෙන අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් ඇති තරම් සංස්කාරයෝ හම්බකරනවා. මාරයා හිතේ හැටියට සංස්කාරයෝ හම්බකරද්දී, කුසල් වෙළඳපොළේ කොටස් මිල හොඳටෝම කඩාවැටිලා. පිංවත මේ දවස්වල තම සංස්කාර ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය උදෙසා මාරයා අලූත්, අලූත් වෙළඳ දැන්වීම් සමාජගත කරනවා. පිංවත ඔබ දැක්කාද අලූත්ම…

Read More

දානය මහත්ඵල මහානිසංස වීමට…

ඔබව දන් දීමෙන් වළක්වන්න කවුරුන් හෝ සිටීනම් ඔහු මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන් වේවා, හිතවතෙක් වේවා ඔහු ඔබගේ ඥාතියෙක් නොවන බව තරයේ සිහිතබා ගන්න. එවැනි අය මග හරින්න. එවැනි අයගෙන් දුරස් වන්න. යමෙක් ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන, දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ලඟම ඥාතියා කර ගන්න. සිදු…

Read More

සංස්කාර – 02.

එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

Read More

පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවනාව.

අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි ඇස…

Read More

වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ” කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි ” යනුයි. එහි සාමාන්‍ය අදහස ” මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි ” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට…

Read More

ඔබත් ඔරලෝසු කටුවක් ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා. මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය….

Read More