ඇමදීමේ අනුසස්.

.සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි. වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසළකා නොයා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය….

Read More

කාමයේ පීඩාවෙන් අඩා වැළපුණ තෙරණිය.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ට කිරි මවක් සිටියා. ඒ කිරි මවත් අතීත බුද්ධශාසන වල බොහෝ පින්කම් සිදු කර ගෙන සිටි කාන්තාවක්. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වුණාට පසුව මේ කාන්තාවත් පැවිදි වුණා. පැවිදි වූවත් ඇය කාමරාගයෙන් දැඩි සේ පීඩාවට පත් වුණා. එක් සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්නට ඇයට බැරි වුණා. කාමරාගයෙන් තමන්ව ගලවා ගන්නට බැරි…

Read More

මෛත්‍රි භාවනාව කියන්නේ ද අතහැරීමකි.

භාවනා කරන බොහෝ දෙනෙක්‌ උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා. ඔබ පසළොස්‌වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්‍ෂ කීයක්‌ පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද…? විහාරස්‌ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්‌වා සිල් පවාරනය නොකොට විහාරස්‌ථානයේම නවතින්න. සවස හතර වනවිට…

Read More

තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා. විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා….

Read More

ගෞතම බුදු සසුන කරා එකම රෑනක් සේ ඇඳුණු උතුමන්ගේ ගමනක ආශ්චර්‍යය ම නොවේ ද මේ…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයැයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යැයි නොකියන, ගැලී නොසිටින… එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත් යම්…

Read More

පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමයද මේ කය?

කායානුපස්‌සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස්‌ 32 ක්‌ කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස්‌ හතරකට සරලකොට ගන්නවා. ශරීරයේ තද ස්‌වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්‌වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු…

Read More

සිත දුරගමන් යන විට, සිහිය නැමති දොරටුවට සෙමින් තට්ටු කරන්න.

මීළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අනුව චිත්තානු පස්‌සනාවට අදාළව සිතේ අනිත්‍යභාවය දකින්නය කියලා. සිත කියලා ගත්තත්, විඤ්ඤාණය කියලා ගත්තත්, පංච උපාදානස්‌කන්ධය කියලා ගත්තත්, දුක කියලා ගත්තත්, එකම අර්ථයයි ධර්මය තුළදී අපි දකින්නේ. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත් කරලා, වේදනාව සකස්‌ කොටගත් සැණින්ම, පංච උපාදානස්‌කන්ධයට අදාළ ධර්මතාවන් සකස්‌ වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ බැඳුණොත් බැඳෙන්නේ රූප,…

Read More

පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය.

ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ අපට ස්වාමීන් වහන්සේලා වගේ අපේ පුද්ගලික දැනීමේ හැටියට අපි අහල තියෙන විදිහට පටිච්ච සමුප්පාදයේ දකින විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා සමහරක් භාවනා ක්‍රමවල උගන්වන්නේ අපි දැකලා තියෙනවා ඕකේ ජීවිත තුනකට සම්බන්ධ කරනවා. පළමුවන ජීවිතය අවිජ්ජා පච්චයා සංඛාරා නිසා ඊට පස්සේ…

Read More

ප්‍රශ්නය බරපතල වුණත් හේතුඵල ගැලපීමේ දී මතුවන දේ සුන්දරයි.

ඇසට දකින්න ප්‍රිය කරන, කනට අසන්නට ප්‍රිය කරන, මනසින් විඳින්න ප්‍රිය කරන, මොන තරම් සුන්දර දේවල් ලෝකයේ තිබෙනවාද…? සමහරක් පින්වත් මනුෂ්‍යයෝ මොන තරම්, සුන්දර සැපයක් අත්විඳිනව..? අපි අත්විඳින හැම සැපයක් පසුපස ම, සැඟවුණ සුන්දර ධර්මයේ අර්ථයක් තිබෙනවා. අපි පින කියලා කියන්නේ එම සුන්දර ධර්මයේ අර්ථයට. පින අනිත්‍ය වූ සංස්කාරයක් වුණත්, පින විපාක දෙන කොට, පින…

Read More

නවම් පුර පසළොස්වක පොහොය දිනය.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු…

Read More