බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ.

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ. දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය: 01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More

සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.

පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්‍යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්‍ය, ප්‍රේතයෝ, මනුෂ්‍ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්‍ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා…

Read More

විඤ්ඤාණය නැමැති මැජික්කරුවා!.

පිංවත අපිට ජීවත්වෙන්න තව බොහෝම පුංචි කාලයයි ඉතිරිවෙලා තිබෙන්නේ. අපේම අතීත සංස්කාර, දැනීම් ඔස්සේ, අපිව යළි යළිත් පංචඋපාදානස්කන්ධ ලෝකයට තල්ලු කරනවා, සිත් සේ ජීවිතය විඳින්නය කියලා. ඒත් වර්තමානයේ අපිට විඳින්නට ඉතිරිවෙලා තිබෙන්නේ දුක් වේදනාවන් පමණක්මයි. ජීවිතයේ ආයුෂයත්, ජීවිතයේ උණුසුමත්, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ඔහේ බලා සිටිනවා, දැන් දැන් සැප වේදනාවන් ජීවිතයට ලැබේවි කියලා….

Read More

වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයට නොවේ.

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ…

Read More

අෂ්ට ලෝක ධර්මයන් ඉදිරියේ ඔබ අවුල් නොවන්න.

පින්වත, දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. අවට පරිසරයේ කොළ පැහැය තාවකාලිකව අතුරුදන් වෙලා. මුළු පරිසරය ම තද මීදුමින් වැහිලා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය වලාකුළු මැද්දේ ඉදිවෙලා තිබෙන කුටියක් වගේ මයි. පින්වත, තේජෝ ධාතුවේ ආධිපත්‍යය දරන හිරු අසරණ වෙලා, ආපෝ ධාතුව පරිසරයේ ආධිපත්‍යය තාවකාලිකව දරනවා. පින්වත, භික්ෂුව මේ දකින්නේ ආපෝ ධාතුවේ කෙටි ආස්වාදයයි. පින්වත,…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න.

විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්‍රත්‍යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා…

Read More

අපායෙන් ගැලවී විත් මහණ දම් පිරූ තරුණයෙක්.

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ. එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ….

Read More

වෙනස් කෙනෙක් වෙන්න.

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර…

Read More

සැපයට අධිපති දුකේ මැවුම්කරු, ගෙනයයි ඔබ තව තැනකට නිරතුරු.

භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය ඉහළින් නිරතුරුවම ගුවන් යානා ගමන් කරනවා. මේ සටහන තබන මොහොතේ භික්‍ෂුව වාඩිවෙලා සිටින ගල් තලාවට ඉහළින් ගුවන් යානාවක්‌ ගමන් කරනවා. එය බොහෝම සුඛෝපභෝගී ගුවන් යානාවක්‌ විය හැකි බවකුයි එහි හැඩහුරුකමින් භික්‍ෂුවට පෙනෙන්නේ. භික්‍ෂුව මහ පොළොවේ ගල් තලාවක්‌ මත වාඩිවී සිටියදී, භික්‍ෂුවගේ හිසට ඉහළින් ගමන් කරන පිංවත් ඔබ, මට වඩා කොච්චර…

Read More