‘ඇලීම්’ සහ ‘ගැටීම්’ ගැන හොඳින් සිහිනුවණ ඇති කොට ගන්න.

පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙලා, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වඳ බහින කොට, එම අසරණ ජීවිතවල උපදින්නේ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කිරීමේ අසත්පුරුෂ ආශාවයි. පින්වත, භික්ෂුව වැඩිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් ආරංචි වුණා, විදේශීය රටක දී ශාසන විරෝධී නව නිකායක් අදාළ රට තුළ දී ලියාපදිංචි කොට ගත්තාය කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ…

Read More

කොහෙද මේ යන්නේ?

හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. කඩිමුඩියේ බත් කටක්…

Read More

ලෝකයා නොදත් ලොව, ලොවට රහසේ දකියි භික්ෂුව.

සංඝානුස්සතිය – 5. හතර වැනි ධ්‍යාන ඵලය ඔස් සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට සිත පත්කර ගත් යම් භික්ෂුවක් ආකාශය…….ආකාශය…. වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක් , වලාකුළක් අරමුණු කොට, ආකාශය තුළ ම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක් ජීවිතයේ නොලත් අත්දැකීමක් පසු පසයි භික්ෂුව හඹා යන්නේ. අරමුණ…

Read More

උතුම් ශ්‍රී පාද ලාංචනයේ පිහිටි 108ක් මංගල කරුණු.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කරුණා නිධාන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මයෙහි පිහිටි උතුම් මංගල ලකුණු 108කි. 1.ස්වස්තිකය 2.ශ්වේතොත්ඵල 3.රක්තොත්ඵල 4.ශ්වේතපද්ම 5.රක්තපද්ම 6.පූර්ණ පාත්‍ර 7.පූර්ණ ගටය 8.නීලෝඵල 9.නදවට 10.පුන්කලස 11.වල්විදුනා 12.සොවැති 13.සිරිවස 14.පිල්කලජ 15.අවතංස 16.නළල්පට 17.හිමාලවනය 18.මගුල් තොරණ 19.මිණි තොරණ 20..මගුල් කඩුව 21.ප්‍රාසාදය 22.කෛලාස පර්වතය 23.ශ්වේතඡත්‍ර…

Read More

සප්තාර්‍ය්‍ය ධනය.

“සද්ධාධනං සීලධනං හිරිඔත්තප්පියං ධනං සුතධනං ච චාගො ච පඤ්ඤා මෙ සත්තමං ධනං යස්ස එතෙ ධනා අත්ථි ඉත්ථියා පුරිසස්ස වා. අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං “සද්ධාධනය, සීලධනය, හිරිධනය, ඔත්තප්පධනය, සුතධනය, චාගධනය, පඤ්ඤාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ඇත්තාහු වෙත් නම් හේ දුප්පතෙක් නො වේය යි ද ඔහුගේ ජීවිතය හිස් එකක් නො වේ…

Read More

බොහෝ බල ඇති මෛත්‍රිය පුරුදු කරන කඳ පිරිත.

මෙත් සිතට සීමා මායිම් නැත.එකිනෙකා කෙරෙහි මෙත් සිත පැතිරවීමේ අනිශංස බොහෝ බුද්ධ දේශනාවලදී අවධාරණය කර ඇත. ඒ අතර කඳ සූත්‍රය හෙවත් ඛන්ධ පිරිතෙන් පෙන්වා දෙනුයේ උරග ප්‍රජාව විෂයෙහි මෙත් සිත් පතුරුවන්නන්ට විසකුරු සතුන්ගෙන් හානි නොපැමිණෙන බවයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රදේශනාව ආශිර්වාදාත්මක සූත්‍රයක් ලෙස පිරිත් පොත් වහන්සේගේ පළමු බණවරට ඇතුළත් කර ඇත. පිරිත…

Read More

මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි.

පින්වත, මහා සංඝ රත්නය යැයි කියන්නේ, කහ පාට, දුඹුරු පාට චීවරයක් දරාගත්තා යැයි කියන අර්ථය පමණක් නොවේ. පින්වත, මහා සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න මහා ගුණයන් හතරක් දරාගෙනයි වැඩ සිටින්නේ. පින්වත, මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි. පින්වත, උතුම් සුපටිපන්න ගුණය යැයි කියද්දී, ජාති, ජරා, ව්‍යාධි, මරණ…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම.

මෙම විදර්ශනාමය ධර්ම දානයේ කුසල් ශක්තියෙන් රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුල අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා…

Read More

රූපස්කන්ධය.

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…

Read More

වේදනාස්කන්ධය.

සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර‍, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි…

Read More